මුද්‍රණය සඳහා

 
දකුණේ ‍පාසල් සියයක ඔසු උයන් 100ක්

දකුණේ ‍පාසල් සියයක ඔසු උයන් 100ක්

දකුණු පළාත් අධ්‍යාපන බල ප්‍රදේශයේ තෝරා ගත් පාසල් සියයක අංග සම්පූර්ණ ‍ඖෂධ උද්‍යාන සියයක් පිහිටුවීමට සැලසුම් කොට ඇති බව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව කියයි.

පළාත් ප්‍රධාන ඇමැති හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

දේශීය ‍ඖෂධ වර්ග හා ඔසු ගුණ පිළිබඳ පාසල් අවධියේ පටන්ම දරු දැරියන්ට විධිමත් අවබෝධයක් ලබා දීම මෙහි මූලික අරමුණ වී ඇත. බීජ හා තාක්ෂණික දැනුම සමඟ සිටුවීමට අවශ්‍ය පැළ වර්ග දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන අතර එක් එක් ප්‍රදේශයන්හි පවතින

දේශගුණික රටාවට ගැළපෙන පැළ වර්ග තෝරා ඒ ඒ ප්‍රදේශයන්හි පාසල් සඳහා ලබාදීම මේ වැඩපිළිවෙළෙහි විශේෂ ලක්ෂණයක් බවද කාර්යභාර නිලධාරීවරයෙකු පෙන්වා දෙයි.

මේ උද්‍යානයන්හි නිපදවන ‍‍ඖෂධ වර්ග ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් මිලයට ගනු ලබන බවද එම නිලධාරීවරයා සඳහන් කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]