|
||||
අම්බලන්තොට රොටවල මහා පරිමාණයෙන් කුඹුරු ඉඩම්වල වැලි කපන ජාවාරමක්තහනම නොතකා කුඹුරු ඉඩම්වල වැලි කැපීමේ ජාවාරම අම්බලන්තොට රොටවල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කරගෙන යද්දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් වැලි කපන ලද ස්ථානය (07) රාත්‍රී වැටලීය. වැලි කැපීමට යොදාගත් ස්කැවේටර් යන්ත්‍රයක් සහ එක් සැකකරුවෙක් විශේෂ කාර්ය බලකායක් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ සඳහා අම්බලන්තොට පොලිසියට භාර දී තිබෙන බව අම්බලන්තොට පොලිසිය පවසයි. වගා කර හැකි කුඹුරු ඉඩම්වල වැලි කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කර එසේ ඉඩම් ලබාදුන් සහ වැලි කපන අයට එරෙහිව පවා පසුගිය දිනවල නඩු පවරා තිබෙන බව හම්බන්තොට සහකාර ගොවිජන සේවා කොමසාරිස් නදීකා ප්‍රියදර්ශනී ගමගේ මහත්මිය සඳහන් කළාය. පසුගිය ජුනි මස 18දින අම්බලන්තොට ප්‍රදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියේ නීති විරෝධි ලෙස ගොඩවැලි කපන අය තරාතිරම නොබලා නීතියේ හමුවට පත් කරන ලෙසට ඉල්ලා සිටියේය. තවද වැලි කැපීම, අම්බලන්තොට ප්‍රදේශයේ තහනම් කරන ලද අතර ඒ සඳහා බලපත්‍ර නිකුත් නොකරන බවද එහිදී අමාත්‍යවරයා කීය. එසේ නීතිය හා තහනම නොතකා රොටවල රුක්අත්තන යාය ප්‍රදේශයේ කුඹුරක මහා පරිමාණයෙන් වැලි කපා මාර්ගවල ප්‍රවාහනය කිරීමෙන් මාර්ග විනාශවීම මත එම ප්රදේ්ශවාසීහුද දැඩි විරෝධය පළ කළහ.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |