මුද්‍රණය සඳහා

 
දියකාවා මෙහෙයුම අද ක්‍රියාත්මකයි

දියකාවා මෙහෙයුම අද ක්‍රියාත්මකයි

යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන දියකාවා මෙහෙයුම අද (09) සිට මෙම 23 වැනිදා දක්වා නැඟෙනහිර පළාතේ කදිරවේලි, වාකරෙයි, ත්‍රිකෝණමඩු, තොප්පිගල, නරකමුල්ල සහ මඩකළපුව යන නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශවලදී ක්‍රියාත්මක කෙරේ.

මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය දියකාවා iv මෙහෙයුම 2013 වර්ෂයේදීද 2698 කට අධික වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහ විදේශීය හමුදාවන් කිහිපයක සහ විවිධ රටවල නිරීක්ෂකයින්ගේ සහභාගිත්වය ඇතිව සිදුකෙරේ.

මෙම පුුහුණු අභ්‍යාස ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව, විශේෂ බළකා භට පිරිස් එකම කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ ක්‍රියාන්විතයන් සිදුකිරීම සඳහා සැලසුම්කර ඇත. ඒකාබද්ධ ක්‍රියාන්විතයක දී දක්ෂ යුද උපායන් උපයෝගී කර ගනිමින් පිවිසීම, වටකිරීමේ සැලසුම්, ප්‍රහාර දියත් කිරීම සහ භට පිරිස්වලට අණදීම ආදිය පිළිබඳව පුහුණුවීම් සිදුකිරීමට නියමිතය. ‘2013 දියකාවා ප්‍රහාරය iv යුද අභ්‍යාසය යන තේමාවෙන්, උපකල්පිත හමුදා දෙකක් වන රතු හමුදාවට එරෙහිව නිල් හමුදාව රට තුළ ඇතිවිය හැකි ආක්‍රමණ පාදක කර ගනිමින් මෙම අභ්‍යාසය සිදුකරනු ලබයි.

දින 15 ක යුද අභ්‍යාසය තුළින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බළකායේ සාමාජිකයින් නාවික සහ ගුවන් විශේෂ බළකා සාමාජිකයන්ගේ ක්‍රියාන්විත හැකියාවන් සහ යුද සුදානමක් සියලු නිළයන්ගේ පවත්වාගැනීම සහ වර්ධනය කර ගැනීම මෙම අභ්‍යාසයේ අරමුණ වී ඇත. ක්‍රියාන්විත සැලසුම් කිරීම, සූදානම්වීම, තොරතුරු විශ්ලේෂණය, එකමුතුභාවය, නායකත්වය, හැසිරවීම, යුධෝපායන්, ශිල්පීය ක්‍රම සහ නිසි ක්‍රියාපිළිවෙත් මගින් ලබාදෙනු ලබන සීමාවන්වලට යටත්ව විශේෂ ක්‍රියාන්විත ක්‍රියාත්මක කිරීම, යුද්ද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඒ. ඩබ්ලිව්. ජේ. ක්‍රිශාන්ත ද සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම යුද අභ්‍යාසය සාර්ථකව සිදුකිරීම තුළින් ලෝකයේ අතිභයානකම ත්‍රස්ත කල්ලිය පරාජය කළ ශ්‍රී ලංකා යුද හමුදාවට ඉදිරියටත් ජාතික ආරක්ෂාව අරමුණු කරගනිමින් ඉදිරියේ දී මවුබිමට පැමිණිය හැකි ඕනෑම අභියෝගයකට හෝ රටේ ජනතාවගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටීමට හැකිවන බවයි.

යුද අභ්‍යාසයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් වන මෙම සංකල්පය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හට මුලින්ම හටගෙන ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව මෑත ඉතිහාසයේ සිදුකළ ඉතා විශාලම සහ සාර්ථකම මානුෂීය මෙහෙයුම මඟින් ලැබූ මුහුදු අත්දැකීම් පෙරදැරි කරගෙනය.

බහුජාතික ගොඩබිම් හමුදා මුලිකත්වය ගනිමින් සිදුකරන මෙම අභ්‍යාස ක්‍රියාන්විතය සඳහා පුළුල් පරාසයකින් යුත් ආරක්ෂක මිනුම් දඬු උපයෝගී කරගනිමින් හා කලාපීය ආරක්ෂාවක ඇති වැදගත්කම ඉස්මතු කරමින් සහ අනෙකුත් එල්ලවිය හැකි තර්ජන යොදා ගනිමින් මෙම අභ්‍යාසය නිර්මාණය කර ඇත. 2013 දියකාවා ප්‍රහාරය iv අභ්‍යාසයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් පියල් වික්‍රමරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම උපකල්පිත සිද්ධිය ඇතුළත් යුද අභ්‍යාසය ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් භට පිරිස් ත්‍රිකෝණමඩු, ත්‍රිකුණාමලය, වෙරුගල් ආදී වූ ස්ථාන ගණනාවකින් ආරම්භයේ දී ප්‍රවිශ්ට වීමට නියමිතව ඇත.

යුද හමුදාව මුලපිරූ පළමු ඒකාබද්ධ යුද අභ්‍යාසය “දියකාවා ධ් යුද අභ්‍යාසය” 2010 වර්ෂයේ (සිලාවතුර), “දියකාවා iv යුද අභ්‍යාසය” ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම යන තේමාවෙන් 2011 වර්ෂයේ දී (ත්‍රිකුණාමලය) සහ පසුගිය වසරේ එනම් 2012 වසරේ “දියකාවා ධ්ධ්ධ් යුද අභ්‍යාසය” අති නවීන පෘථිවි සන්නිවේදන ක්‍රම සහ භූමි ස්ථාන සොයා ගැනීමේ තාක්ෂණය යොදාගන්නා ලදී.

මෙවර යුද අභ්‍යාසය තුළ ‘බෝට්ටු අංගන වෙත සිදුකරන ආක්‍රමණ’, ඉතා වැදගත් ඉලක්ක ලබාගැනීම’, සතුරු තොරතුරු විමර්ශනය’, ‘සතුරු ඉලක්ක තොරතුරු ආවේක්ෂණය’, ‘ගුවනින් පැමිණ ගොඩ බැස කරන ක්‍රියාන්විත’, ‘මුහුදින් පැමිණ සිදුකරන ක්‍රියාන්විත’, ‘ජලයෙන් පැමිණ ගොඩබිමට ළඟාවීම’, ‘සතුරු ගමන් මාර්ග සොයා සිදුකරන මෙහෙයුම’, ‘සතුරාගේ ශක්තිමත් ස්ථාන වෙත සිදුකරන පැරිෂුට් පැනීම්’, ‘රැක සිට පහරදීම්’, ‘විමර්ශන මුර සංචාර’, ‘ප්‍රති ත්‍රස්ත ක්‍රියා සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම’ වැනි මෙහෙයුම් හා ක්‍රියාන්විත මෙම අභ්‍යාසයේ දී සිදුකරනු ලබයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]