මුද්‍රණය සඳහා

 
ඡන්දය දීමට තාවකාලික හැඳුනුම්පත  ලබාදීම හෙට අවසන්

ඡන්දය දීමට තාවකාලික හැඳුනුම්පත  ලබාදීම හෙට අවසන්

උතුරු මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමට පිළිගත් හැඳුනුම්පත් නොමැති ඡන්දදායකයන්ට තාවකාලික හැඳුනුම්පත් ලබා දීම හෙට (10 දායින්) අවසන් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

හැඳුනුම්පත් නොමැති හෝ පවතින හැඳුනුම්පතේ දුර්වර්ණවීම හෝ අපැහැදිලි වී ඇති ඡන්දදායකයන් කඩිනමින් තාවකාලික හැඳුනුම්පත සඳහා අවධානය යොමු කළ යුතු බවද නියෝජ්‍ය

මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කෙළේය. තාවකාලික හැඳුනුම්පත නිකුත් කිරීම පසුගිය 03 දා අවසන් වීමට නියමිතව තිබූ බවත්, කොමසාරිස්වරයා එය 10 දා දක්වා කල් දැමූ බවත් කී ඒ මහතා, එය තවදුරටත් කල් දැමීමක් පිළිබඳ තීරණයක් ගෙන නැති බවත්, අවධාරණය කෙළේය. එහෙයින් තවදුරටත් තාවකාලික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් නොකළ පිළිගත් හැඳුනුම්පතක් නොමැති ඡන්දදායකයන් වහාම ග්‍රාමනිලධාරිවරයා හමු වී තාවකාලික හැඳුනුම්පත ලබාගැනීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව හෙතෙම වැඩිදුරටත් කීවේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]