මුද්‍රණය සඳහා

 
ප්‍රාදේශීය සභා නායකයෝ දෙකක් මන්ත්‍රී 21ක් සන්ධානයට

ප්‍රාදේශීය සභා නායකයෝ දෙකක් මන්ත්‍රී 21ක් සන්ධානයට

කුරුණෑගල විපක්ෂය හෙල්ලුම්කයි

ඉන්දික පොල්කොටුව සහ අසේල කුරුළුවංශ

කුරුණෑගල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සභා දෙකක විපක්ෂ නායකවරුන් ඇතුළු එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශී සභා 12ක එජාප මන්ත්‍රීවරු විසිඑක් දෙනෙකු ඊයේ (08) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයදීමට එක්වූහ. හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයෙන් ඉවත්ව මෙවර පළාත් සභා මැතිවරණයේදී වයඹ පළාත් සභාවට තරග කිරීමට එක්වීමත් සමඟ ඒ මහතාට සහයදීමට එක්වූ මෙම එජාප මන්ත්‍රී කණ්ඩායම ඊයේ ජනාධිපතිතුමන් හමුවිය.

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්සිරි පීරිස්, එහි මන්ත්‍රීවරුන් වන ජානක තිලකසිරි, නිමල් දයානන්ද, මනෝ කුමාර, දර්ශන සම්පත්, වී. ඒ. හේමන්ත, සුනිල් දිසානායක, කුලියාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන චන්දන පුෂ්පකුමාර නිව්ටන් උපශාන්ත, නාරම්මල ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රෝහණ ශ්‍රී දිනපූර්ණ, එහි මන්ත්‍රී මදුසංඛ කරුණාතිලක, උඩුබද්දාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්. ෂිහාන්, අලව්ව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන අරුණා ජයලත්, පී. එස්. එල්. යත්තල්ගොඩ, ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ අනුර උදය මුණසිංහ, මාවතගම ප්‍රාදේශීය සභාවේ අජිත් සෙනරත් කුමාරසිංහ, කුරුණෑගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දන බාලසූරිය, කොබෙයිගනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. එම්. රත්නායක, නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. රණවීර, ගල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. ඒ. ආඩිඅප්පු, මහව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. ඒ. චමින්ද කුමාර යන මහත්වරුන් මෙහිදී එජනිසයට සහයදීමට එක්විය.

සියලු අපේක්ෂකයන් සමඟ ඉතාම සහයෝගයෙන් මෙම මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී මෙම මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් ලබා දෙනු ලැබීය.

වයඹ පළාත් සභා අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා මෙහිදී වයඹ ඉදිරි සංවර්ධන සැළැස්ම ඇතුළත් තම මැතිවරණ ප්‍රකාශය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]