මුද්‍රණය සඳහා

 
මවක හා දියණියගේ මරණ ගෙල සිර කිරීමෙන් සිදුවූවක්

මවක හා දියණියගේ මරණ ගෙල සිර කිරීමෙන් සිදුවූවක්

තණමල්විල කුඩාඔය 36 කණුව අසල නිවසක නිදි පැදුරේ මියගොස් සිටියදී ඉකුත් 4 දා හමුවූ මවගේ සහ දියණියගේ මරණ ගෙලසිර කිරීමෙන් සිදුවූ මරණ බවට පශ්චාත් මරණ පරීක්‍ෂණවල දී අනාවරණය වී ඇතැයි වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජිත පෙරේරා මහතා පැවසීය.

කෝන්ගලගේ හීන්හාමි (85) සහ ඇයගේ දියණිය වූ කෝන්ගලගේ බේබිහාමි (58) යන දෙදෙනා සිය නිවසේ දී මෙසේ මිය ගොස් තිබුණි. ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ජී. එච්. අබේපිටිය මහතා විසින් පවත්වන ලදී. ඔහුගේ නිගමනය වූයේ ගෙල සිර කිරීමෙන් මරණය සිදු වී ඇති බවයි. මෙම අපරාධය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]