මුද්‍රණය සඳහා

 
රඹුක්කන ග්‍රාමීය මාර්ග 98ක් සංවර්ධනයට රුපියල් මිලියන 20ක් වෙන් කරයි

රඹුක්කන ග්‍රාමීය මාර්ග 98ක් සංවර්ධනයට රුපියල් මිලියන 20ක් වෙන් කරයි

ගමනා ගමන දුෂ්කරතා ඇති මාර්ගයක්. ඡායාරූපය – රඹුක්කන උතුර සමූහ

රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ අති දුෂ්කර ග්‍රාමීය මාර්ග 98ක් සංවර්ධනය කිරීම සඳහා සබරගමු පළාත් සභාවෙන් රුපියල් ලක්ෂ එකසිය අනූහයක මුදලක් වෙන්කර තිබේ.

සබරගමු පළාතේ අති දුෂ්කර ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා සබරගමුව පළාත් සභාව මැතිවරණ කොට්ඨාස මට්ටමින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ සෑම කොට්ඨාසයකම දුෂ්කර ගම්මානවලට වැටී ඇති මාර්ග කොන්ක්‍රීට් අතුරා වාහන ගමනා ගමනයට සුදුසු ලෙස සංවර්ධනය කිරීම, මෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙම වැඩසටහන යටතේ රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ පිටවෙල – මහගම, මහලන්ද වත්ත පාර, එරමිණිගොල්ල, පැල්පිටිය මාර්ගය සංවර්ධන කිරීම ආරම්භ කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් මේ අවස්ථාවට එක්ව සිටියේ ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]