මුද්‍රණය සඳහා

 
මාතලේට කුඩු වැපිරූ අඹු සැමි යුවළ කොටු

මාතලේට කුඩු වැපිරූ අඹු සැමි යුවළ කොටු

මාතලේ නගරය, ආශ්‍රිත ප්‍රදේශවලට මහ පරිමාණයෙන් කුඩු බෙදාහරින යුවළක් කුඩු අලෙවි කරන අවස්ථාවක උපාය ධූතයන් යොදවා කුඩු පැකට් 73ක් සමඟ මාතලේ පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත දික්තිරියවත්ත නිවෙස වටලා අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත. (දික්තිරියවත්ත නිවෙස) මාතලේ ප්‍රදේශයට මහ පරිමාණයෙන් කුඩු බෙදාහරින හා ජාවාරම්කරුවන් සහ සම්බන්ධ පවත්වාගෙන යන අතර මාතලේ කුඩු රැජින ලෙස නම් දරා සිටින තැනැත්තියගේ ලේලිය හා පුතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මාතලේ මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත රාත්‍රියක් ගතකර අලුයම් කාලයේ දී වැටලීම කරන විට කුඩු රැගෙන යමින් සිටි හතරදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත කුඩු මිලිග්‍රෑම් 730ක් (පැකට් 73) සන්තකයේ තබා ගත් අයෙකු මිලිග්‍රෑම් 40ක් සහ තවත් කුඩු මිලිග්‍රෑම් 2,900ක් වශයෙන් මිලිග්‍රෑම් 3670ක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

උපාය දූතයන් ලෙස යොදවා නිවෙසට ගියවිට අඹුසැමි යුවළ පැනයාමට තැත් කර සිටියදී අල්ලා ගන්නා විට කාන්තාව අත තිබූ කුඩු මිලිග්‍රෑම් 730ක් වැසිකිළි කොමඩ් එකට දමා පලායාමට උත්සහ දරා ඇති අතර ආරක්ෂිතව මුරකාවල් යොදවා තිබීම නිසා අල්ලා ගැනීමට හැකිවිය. මිලිග්‍රෑම් 730ක් සමඟ ප්ලාස්ටික් ඩප්පිය වැසිකිළි වළතුළට දමා තිබියදී පොලිසිය බාරයට ගෙන ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]