මුද්‍රණය සඳහා

 
සැප රියේ ඩිකිය අස්සෙන් බිංගිරියෙන් කොළඹට කසිප්පු

මන්ත්‍රී බුද්ධික පතිරණට ලැබෙන මුද්දර උස්සා කළු කඩේට විකුණලා

සුළු සේවකයයි ව්‍යාපාරිකයයි  පොලිස් අත්අඩංගුවට

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලබාදෙන තැපැල් මුද්දර සොරකම් කරගෙන විකුණූ සේවකයකු සහ ව්‍යාපාරිකයකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර හිත්තැටිය නැෙඟනහිර ප්‍රදේශයේ පදිංචි (50) හැවිරිදි සේවකයකු සහ මාතර ඉසදින් නගරයේ පදිංචි 58 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මේ ව්‍යාපාරික ස්ථානයේ තිබූ රුපියල් 25/=, 5/= යන මිල ගණන් වලට විකුණන රුපියල් 3000/= කට ආසන්න වටිනාකමින් යුක්ත මුද්දර තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ සොරකම මාස 3කට පෙර සිට සිදුවී ඇති බව හෙළිවෙන අතර මේ සේවකයා විසින් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ තිබෙන මුද්දර විටින් විට සොරකම් කර කඩ හිමියාට ලබාදී ඇත.

බලපත්‍රයක් නොමැතිව මුද්දර අලෙවි කරන බවට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික හපුගොඩ මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් පරීක්‍ෂකවරයා විසින් රුපියල් 20/= ක නෝට්ටුවක් මත අස්සන් යොදා මුද්දරයක් මිලදී ගැනීමට උපාය දූතයකු යොදවා තිබේ. උපාය දූතයාට මුද්දරය විකුණන අවස්ථාවේ පොලිසිය මේ ව්‍යාපාරික ස්ථානය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මන්ත්‍රීවරයාට අයත් මුද්දර සොරකම් කරන සේවකයා අත්අඩංගුවට ගෙන ඇත. මන්ත්‍රීවරයකුට ලබාදෙන විශේෂිත මුද්දරය අලවන සෑම ලිපියකටම මන්ත්‍රීවරයාගේ රබර් මුද්‍රාව තබා තැපැල් කාර්යාලයට භාරදිය යුතු බවට නීතියක් ඇත.

මේ විශේෂිත මුද්දර අලවා ඇති ලියුම් කවරවල මන්ත්‍රීතුමාගේ නිල මුද්‍රාව නැතිව යම් යම් පුද්ගලයන් ලිපි තැපැල් කර ඇතත් තැපැල්කරුවන් මේ ගැන නිසි අවබෝධයක් නැතිව එම මුද්දරය ගැන අවධානයක් නොකොට තැපැල් කාර්යාලයේ මුද්‍රාව තබා ලිපි තැපැල් කර ඇති බව හෙළිවේ.

මේ සැකකරුවන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික හපුගොඩ, පො.ප. පී. එස්. සී. සංජීව, ;පා.සැ. 28523 කපිල, පො.කො. 45455 සුජිත්, 83215 මේනක, 84855 රොෂාන් යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]