මුද්‍රණය සඳහා

 
අනුරපුරේ සතුටු උයන්වල සැඟවී ඔබේ දියණියත් පෙම් සුව විඳිනවාද?

මවුපියනි දෙනෙත් හැර බලන්න

අනුරපුරේ සතුටු උයන්වල සැඟවී ඔබේ දියණියත් පෙම් සුව විඳිනවාද?

අපොස සා.පෙළ සහ උසස් පෙළ උපකාරක පංති පැවැත්වෙන සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි ඇතැම් පාසල් දැරියන් නොයෙක් අපයෝජනයන්ට ලක්වන බවට අනුරාධපුර නගරවාසීහු ප්‍රකාශ කරති.

අනුරාධපුර නගර සීමාවේ ඇති ඇතැම් හෝටල්, සතුටු උයන් හා වැව් ආශි‍්‍රත රහසිගත ප්‍රදේශයන් හි මේ අපචාර සිදුවන බවද ඔවුහු කියති.

පොලිසිය මේ අපචාර නවතා දැමීමට විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීම නිසා දිනෙන් දින අපචාරයන්ට ලක්වන දැරියන්ගේ ප්‍රමාණය ද ඉහළ යන බව කියැවේ.

ගම්බද ප්‍රදේශවලින් උපකාරක පංති සඳහා අනුරාධපුර නගරයට පැමිණෙන ගැහැනු ළමයින් ප්‍රේම සම්බන්ධතාවන් මත දැන හෝ නොදැන අපචාරයන්ට ලක්වීම කලක සිට සිදු වන බවත් එවැනි ක්‍රියාවන් සිදුවන ස්ථාන වැටලීම් කර ඊට අනුබල දෙන්නන් නීතිය හමුවට ගෙන ඒමට පොලිසිය අපොහොසත්වී ඇති බවට ද නගර වාසීහු චෝදනා කරති.

ඇතැම් සතුටු උයන් ආශි‍්‍රත පදිංචිකරුවන් හට තම දරුවන් පවා ආරක්ෂා කර ගනිමින් එවැනි ක්‍රියාවන්ට ඔවුන් අනාගතයේ දී පෙළඹවීම වළක්වා ගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද කියති. විවිධ වූ හේතූ®න් මත මෙවැනි ක්‍රියාවන් පිළිබඳව තනිවම පොලිසියට පැමිණිලි කිරීමට ද මැලිකමක් දක්වන ඔවුහු මේ පිළිබඳව පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ අවධානය දැඩිව යොමුවිය යුතුªබව ද කියා සිටිති.

විශේෂයෙන් අනුරාධපුර නගර සීමාවේ ඇති සතුටු උයන්වලට ඉටි කොලයක් රැගෙන යාමට පුරුදුව සිටින ඇතැම් දැරියන් එහි දීම අපයෝජනයන්ට ලක් වී හඬා වැලපෙන අවස්ථාවන් බොහෝ සෙයින් දක්නට ඇතැයි ද අවට ප්‍රදේශවාසීහු කියති.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]