ඉගෙනුමට හපන් ගමේ දරුවන්ට ‘සැමට සෙත’ පදනමෙන් ශිෂ්‍යත්ව

ඉගෙනුමට හපන් ගමේ දරුවන්ට ‘සැමට සෙත’ පදනමෙන් ශිෂ්‍යත්ව

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ශිෂ්‍යත්වය අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති පීටර් කරුණාරත්න මහතා අතින් ගම්පහ බණ්ඩාරනායක මහ විදුහලේ සහන් කරුණාරත්න ශිෂ්‍යයා වෙත පිරිනැමූ අයුරු. ඡායාරූපය:- අත්තනගල්ල විශේෂ

සැමට සෙත පදනම මඟින් වාර්ෂිකව සංවිධාන කරන ඉගනුමට දක්ෂ එහෙත් දිළිඳු බව, මව, පියා මියයාම, ආබාධිත වීම වැනි සම්බාධක නිසාවෙන් ඉගනුම් කටයුතු කරගෙන යාමේදී දුෂ්කරතාවලට මුහුණ දී සිටින දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම 8 වැනි වරටත් ඉකුත්දා හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

වෛද්‍ය, ඉංජිනේරු, බහුතාක්ෂණික තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල සහ කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද විදුහල්වල මෙන්ම ගමේ පාසලේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල් ඒකකවලින් තෝරාගත් සිසු සිසුවියන් 28 දෙනෙකුට මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණි.

රටේ ජාතික හා දේශපාලන තලයේ විශිෂ්ට නායකයන් වන දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ඩී. ඒ. රාජපක්ෂ, සැමට සෙත පදනමේ ආරම්භක සභාපති දැනට ජීවතුන් අතර නැති එඩ්වඩ් ගලගෙදර, අධ්‍යක්ෂ උපාලි කුරේ, විධායක අධ්‍යක්ෂිකා ලක්ෂ්මී දීපානි කුරේ යන අය අනුස්මරණය කිරීම්වස් එම නම්වලින් මෙම ශිෂ්‍යත්ව නාමකරණය කළ බවද එමඟින් දරුවන් තුළ එම උතුමන් කළ සේවාවන් පිළිබඳ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් ඇතිකරවීම අරමුණ වූ බවද සැමට සෙත පදනමේ කළමනාකාර අධ්‍යක්ෂ කීර්ති සුමනසිරි මහතා මෙහිදී පැවසීය. තවද ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා සැමට සෙත පදනමේ මෙම සත්කාරක වැඩපිළිවෙළට මූලාරම්භයේ සිටම අඛණ්ඩව දායකත්වය හා උපදේශකත්වය ලබාදෙන බවද මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරන බවද කීර්ති සුමනසිරි මහතා පැවසීය.

සැමට සෙත පදනමේ වත්මන් සභාපති සිවිල් ඉංජිනේරු කේ. විජේරත්න, කේ. ආරියතුංග විද්‍යාවේදී සුරේෂ් සේනාධීර, අත්තනගල්ල එජාප ප්‍රධාන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහත්වරුද උත්සව සභාව ඇමතූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා