|
||||
දැයට කිරුළ යටතේ මේ වනවිට වැඩසටහන් 2731ක් ක්‍රියාත්මකයි
කෑගල්ල කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන 2014 දැයට කිරුළ වැඩසටහන යටතේ මේ වනවිට ග්‍රාම සේවා වසම් තුළ වැඩසටහන් 2731 ක්‍රියාත්මක කර ඇති බව ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා පැවැසීය. ප්‍රජා අවශ්‍යතා සපුරාදීම පිණිස බලගන්වන දැයට කිරුළ වැඩසටහන් මාලාව ඔස්සේ මෙම දිස්ත්‍රික්ක තුනෙහි වෙසෙන ජනගහනය ලක්ෂ 42කට මෙතෙක් ලබාදී ඇති සහනයන් පිළිබඳව ගම්මට්ටමින්ම ජනතාව බලවත් සතුට පළකැර සිටින බවද කුරුණෑගල දිසාවේ ජංගම සේවා 1610ක්ද කෑගල්ල දිසාවේ සේවා 573ක්ද පුත්තලම දිසාවේ සේවා 573ක්ද ඉකුත් මාසය නිමාවනවිට සිදුකැර ඇති බවද පැවැසීය. කෑගල්ල දිසා ලේකම් තුසිත පී. වනිගතුංග මහතා කෑගල්ල දිසාවේ මෙතෙක් සිදුකෙරුණු දැයට කිරුළ ජංගම සේවාවන් මඟින් පුද්ගලයින් ලියාපදිංචියටද ලක්කැර උප්පැන්න මරණ විවාහ වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීම ලියාපදිංචි කිරීම ගම්මානවල පොදු සේවා ලබාදීම ක්ෂේත්‍ර පරීක්ෂණ වෛද්‍ය සායන ඉඩම් බලපත්‍ර ලබාදීම කෘෂිකාර්මික යටිතල පහසුකම් ලබාදීම සංවර්ධන ගැටලු නිරාකරණය කිරීම ආදී තවත් සේවාවන් විශාල සංඛ්‍යාවක් ලබාදීම සිදුකළ බව බව පැවැසීය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |