මුද්‍රණය සඳහා

 
දොඩන්ගොඩ බිජ වී ගොවිපළින් මහ කන්නයට අවශ්‍ය බිත්තර වී

දොඩන්ගොඩ බිජ වී ගොවිපළින් මහ කන්නයට අවශ්‍ය බිත්තර වී

දොඩන්ගොඩ කෘෂිකර්ම උපදේශක යූ. ජී. ගයාන් සංජීව මහතා සමඟ එම යායේ ගොවීන් අස්වැන්න නෙළීමට ආසන්නම පවතින බිත්තර වී ගොවිපළ පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක යෙදුණ අයුරු ඡායාරූපය - නාගොඩ විශේෂ

දොඩන්ගොඩ කෘෂිකර්ම උපදේශක කොට්ඨාසය තුළ පිහිටි පුහාඹුගොඩ නැගෙනහිර, පුහාඹුගොඩ බටහිර සහ ඇළදූව යන කොට්ඨාස තුනටම අයත් වන නානතොට යාය සහ ආඩියාකන්ද යායට අයත් කුඹුරු අක්කර 10ක බිත්තර වී ගොවිපළක් මෙම යල කන්නයේ දී පවත්වාගෙන යයි.

මෙවැනි බිත්තර වී ගොවිපළ යලකන්නයේ පවත්වාගෙන යෑමේ ප්‍රධාන අරමුණ ලබන මහකන්නයේ සඳහා අවශ්‍ය වන බිත්තර වී අවශ්‍යතාවය ප්‍රදේශය තුළින්ම සපුරා ගැනීමයි

දොඩන්ගොඩ කෘෂිකර්ම උපදේශක යූ. ජී. ගයාන් සංජීව මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ක්‍රියාත්මක වන මෙම බිත්තර වී ගොවිපළ සඳහා එම යායන්හි ගොවීන් හට අවශ්‍ය මූලික හා ද්වීතික වල්නාශක මෙන්ම අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය බ. පළාත් නි. කෘෂි අධ්‍යක්ෂක. කළුතර - කාර්යාලය මගින් නොමිලේ ලබා දී තිබේ.

බී. ජී. 359 වී වර්ගය මෙහි වගාකර ඇති අතර මේ වන විට එම බිත්තර වී ගොවිපළ ඉතාමත් සාර්ථක වී ඇති අතර දොඩන්ගොඩ ගොවිජන සංවර්ධන නිලධාරිනි එම්. ඩී. ඩී. ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පුහාඹුගොඩ බටහිර, පුහාඹුගොඩ නැගෙනහිර සහ ඇළදූව යන කොට්ඨාසවල කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් පූර්ණ සහයෝගය ලබා දී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]