මීගමුව කළපුවේ රක්ෂිතය ගොඩ කර දඩකයි

මීගමුව කළපුවේ රක්ෂිතය ගොඩ කර දඩකයි

බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන මීගමුව කළපුවේ රක්‍ෂිත ප්‍රදේශය ගොඩකර තාප්පයක් ඉදිකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ වරද පිළිගත් දෙදෙනකුට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය රු. 20,000ක දඩයක් නියම කළාය.

මෙලෙස දඩ මුදල් ගෙවීමට සිදුවූයේ මංකුලිය ප්‍රදේශයේ පදිංචි රුචිර හා සුරේෂ් යන පුද්ගලයන් දෙදෙනකුට යි.

මීගමුව පොලිසියේ පොලිස් පරීක්ෂක ආර්. ඩී. එම්. සිරිල් මහතා ඇතුළු කණ්ඩායමක් මේ වැටලීම කර තිබූ අතර පාරිසරික අංශයේ පොලිස් සැරයන් 1117 බන්ධුල මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා