මුද්‍රණය සඳහා

 
ඥාති දියණියට අතවර කරන්න තැත් කළ දෙදරු පියා රිමාන්ඩ්

ඥාති දියණියට අතවර කරන්න තැත් කළ දෙදරු පියා රිමාන්ඩ්

බාලවයස්කාර ඥාති දියණියකට ලිංගික අතවර කිරීමට තැත් කළැයි චෝදනා ලත් විවාහක දෙදරු පියකු මෙම මස 11 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනෙවිය නියෝග කළාය.

මෙහි චූදිතයා වූයේ බෙම්මුල්ල කොරස ප්‍රදේශයේ අයෙකි.

දැරියගේ මව විසින් වේයන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

දැරිය පිළිබඳ පරිවාස වාර්තාවක් කැඳවීමටද නියෝග කෙරිණි.

වේයන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂක සුනිල් පේ‍්‍රමරත්න මහතා පැමිණිල්ල මෙහෙයවීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]