අමෙරිකාව බලා ඉන්නේ  මා මරා දැමීමටයි

අමෙරිකාව බලා ඉන්නේ  මා මරා දැමීමටයි

- වෙනිසියුලා ජනපති

ලබන මාසයේදී සිය රජය පෙරළා දැමීමට ධවල මන්දිරය කුමන්ත්‍රණය කරන බවට වෙනිසියුලා ජනාධිපති නිකොලස් මඩූරෝ චෝදනා කරයි. එසේ කිරීමට යන්නේ ආහාර, විදුලිබලය සහ ඉන්ධන සැපයුම් වැලකීමෙන් බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

උතුරු අරගුවා ප්‍රාන්තයේ පැවති උත්සවයකදී ඔහු පවසා ඇත්තේ මේ බව තහවුරු කිරීමට සාක්ෂි තමා සතුව ඇති බවයි. ජනාධිපති මඩූරෝ ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණ කිහිපයක් පිළිබඳ වෙනිසියුලාව කිහිප වතාවක්ම චෝදනා කර තිබේ. සිරියාවට ප්‍රහාරයක් එල්ල කරන අතරවාරයේ දී තමා මරා දැමීමේ සැලැස්මක් ඇතැයි ද මඩූරෝ කියයි. කලින් සිටි වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් ද කිහිප වතාවක්ම මෙවැනි චෝදනා එල්ල කර තිබිණි .

වෙනිසියුලාවේ විපක්ෂය විසින් සිදු කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් හේතුවෙන් අඟහරුවාදා රටේ 70 % ක් පමණ පැය හතරක් අඳුරේ තැබූ බව මඩුරෝ චොදනා කරයි. ඔහු වාර්තාකරුවන්ට පවසා ඇත්තේ තම රජය පෙරළා දැමීමට පෙර අමෙරිකානු අධිරාජ්‍ය බිඳ වැටෙනු ඇති බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා