තරුපති ගැන සොයන්න නාසා යානායක්

තරුපති ගැන සොයන්න නාසා යානායක්

චන්ද්‍ර ගවේෂණ කටයුතු සඳහා යැවු ලැඩි අභ්‍යාවකාශ යානය කක්ෂ ගත කළ අයුරු

චන්ද්‍රයා ආශ්‍රිත වායුගෝලය පිළිබඳ හැදෑරීමක් කිරීමට නාසා ආයතනය විසින් මිනිසුන් රහිත අභ්‍යාවකාශ යානයක් සෙනසුරාදා කක්ෂගත කර ඇත. මෙය වසර පහකදී සඳු ගවේෂණය සඳහා යැවූ තුන්වන යානයයි.

නාසා වර්ජිනියා මධ්‍යස්ථානයේ සිට මෙය සෙනසුරාදා රාත්‍රියේ කක්ෂගත කර ඇත්තේ මිනරාවුර් v යනුවෙන් හඳුන්වා ඇතිරොකට්ටුවක් තුළයි. මේ වන විට අභ්‍යාවකාශ යානය සාර්ථක ලෙස කක්ෂගත වෙමින් පවතින බව නාසා ආයතනය පවසයි. ලූනා ඇට්මස්ෆියර් ඇන්ඩ් ඩස්ට් එන්වයර්මන්ට් එක්ස්ප්ලෝර යානය චන්ද්‍රයා මත ඇති දූවිල්ල සහ වායුගෝලය පිළිබඳ වැඩිදුර අධ්‍යනයක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අදියර පහකින් යුත් මේ ව්‍යාපෘතියේ පළමුවන අදියර අතිශය සාර්ථක වු බව කළමනාකරු ඩග් වොස් පවසයි. අමරිකානු අභ්‍යාවකාශගාමීන් අවසන් වරට සඳ මත පිය නැගුවේ මිට දසක හතරකට පෙරයි. ඒ 1969 දීය. මේ ගගනගාමීන් සියලු දෙනාම පර්යේෂණ කටයුතුවලට සඳ මත ඇති දූවිලි විශාල බාධාවක් වු බව වාර්තා කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා