ඔස්ට්‍රේලියාවට අලුත් අගමැතිවරයෙක්

ඔස්ට්‍රේලියාවට අලුත් අගමැතිවරයෙක්

පර‍‍‍‍‍‍ණ අගමැති පරාජය හමුවේ පක්ෂ නායකත්වයෙන් අස්වේ

ඔස්ට්‍රේලියා නව අගමැති ටෝනි ඇබොට් සිය බිරිය මාජී සහ දියණියන් වන ප්‍රාන්සස්(වමේ), ලුසී, බ්‍රිජට් (දකුණේ) සමඟ ජයග්‍රහණය සමරමින්

ඔස්ට්‍රේලියාවේ සෙනසුරාදා පැවති මහ මැතිවරණයෙන් ටෝනි ඇබොට්ගේ කොන්සර්වර්ටිව් සභාගයට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්වී තිබේ. එදින රාත්‍රිය වන විට නිකුත් වි තිබූ ප්‍රතිඵල අනුව කොන්සර්වර්ටිව් සභාගයට ආසන 88 ක් දිනාගත හැකිවී ඇත. පාලක ලේබර් පක්ෂයට ලබාගත හැකිවී ඇත්ගේ ආසන 57 ක් පමණි. මේ අනුව වසර හයක් පැවති ලේබර් පාලනය අවසන් විය .සෙනෙට් සභාවේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට තව දින දෙකක් පමණ ගතවනු ඇතැයි වාර්තා වේ.

ඉරිදා පාන්දර සිය සගයන් සමඟ පා පැදි සවාරියක් යමින් ටෝනි ඇබොට් සිය මැතිවරණ ජයග්‍රහණය සමරා ඇත. වහාම රට පාලනය කිරීමේ බාරදුර කාර්යයට යොමුවනු ඇතැයි පවසා ඇති නව අගමැතිවරයා තමා සෑම ඔස්ට්‍රේලියානු ජාතිකයකුගේම අගමැතිවරයා වන බවටත් ශක්තිමත් සෞභාග්‍යමත් ඔස්ට්‍රේලියාවක් ගොඩනඟන බවටත් ප්‍රතිඥා දී ති‍බේ. අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා බ වද අවධාරණය කර තිබේ.

ඊයේ හවස් වරුවේ අගමැතිවරයා සිය කැබිනට් මණ්ඩලය හමුවීමට නියමිත විය. නව අගමැති ටෝනි ඇබොට් ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර ක්වින්ටින් බ්‍රයිස් ඉදිරියේ ලබන සතියේ නිල වශයෙන් දිවුරුම් දෙනු ඇත.

මේ අතර මැතිවරණ පරාජය හමුවේ තමා ලේබර් පක්ෂ නායකත්වයෙන් අස්වන බව හිටපු අගමැති කෙවින් රඩ් ප්‍රකාශ කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා