මුද්‍රණය සඳහා

 
මාලදිවයිනට යළි ඡන්දයක්

මාලදිවයිනට යළි ඡන්දයක්

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ් සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළ අයුරුයි මේ.

මාලදිවයිනේ සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයේ මුල් වටයෙන් බලයෙන් පහකරන ලද හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ජය ගෙන ඇත. කෙසේවෙතත් ඡන්ද වලින් 50 % කට වැඩි බහුතරයක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වී ඇති බැවින් දෙවන වටයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ ප්‍රධානී ෆුවාඩ් තව්ෆීක් පවසා ඇත. මේ අනුව දෙවන වටයේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 වෙනිදා පවැත්වෙනු ඇත. ජනාධිපතිවරණයේ දෙවන වටය දැඩි තරඟකාරි එකක් වනු ඇතැයි අනාවැකි පළවේ.

මාලෙහි මැතිවරණයකින් ජයගත් ප්‍රථම ජනාධිපතිවරයා වු නෂීඩ් 2012 පෙබරවාරි මාසයේ හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කිරීමෙන් අනතුරු දැනට මාස 18ක් ඉකුත් වි තිබේ.

සමස්තයක් වශයෙන් සලකන කල ජනාධිපතිවරණය ගැටුම්වලින් තොරව සාමකාමි එකක් වු බව මැතිවරණ කොමිසම පවසයි.

වත්මන් ජනාධිපති මොහොමඩ් වෂීඩ් ට ලැබී ඇත්තේ ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයකි. මේ අනුව දෙවන වටයේ නෂීඩ් ගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ මාලදිවයිනේ දිගු කාලයක් පාලනය කළ මොහොමඩ් අබුදුල් ගයුම් ගේ ඥාති සොයුරු අබ්දුල්ලා යමින් හෝ සංචාරක ක්ෂේත්‍රයේ ධන කුවෙරයෙක් වු ගසිම් ඉබ්‍රාහිම් ය. මැතිවරණයේ දි ඡන්දදායකයන් 83 %ක් ඡන්දය දුන් බව වාර්තා වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]