සාෆ් පාපන්දු ඉතිහාසය වෙනස් කරමින් ඇෆ්ගන් . . . .

දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක්කළ ඇෆ්ගනිස්තානය පළමු වරට සාෆ් රන් කුසලානය හිමිකර ගත්තේය. නේපාලයේ දසරාත් රංගසාලා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති අවසන් මහා . . . .

විස්තර»


ජනපති ප්‍රධානත්වයෙන්

නුවරඑළිය පූඬලුඔය
ජන රැලි අද

මධ්‍යම පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරන විජයග්‍රාහී ජන රැලි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සවස . . . .

විස්තර»


පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට කොළඹ පාසල් 31කට නිවාඩු

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව නිමිති කොට ගෙන කොළඹ පාසල් 31ක් නොවැම්බර් මස 6 වනදා සිට 19 වනදා දක්වා වසා තැ‍බීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

විස්තර»


අපි එක මවකගෙ දරුවෝ

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 සැප්තැම්බර් 08දා, හැටන්හිදී.



ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සබරගමුවේ නවක සිසු සිසුවියන්ට

ඇඳුම් ගලවා නිරුවත් කොට බිම පෙරළා රැග් එක දීලා

හිරිකටුව ගඟ ළඟදී ශාරීරික හා මානසික වධ හිංසා

* නේවාසිකාගාර වැසිකිළිවල බඩ ගාන්න කියලා

* පාලනාධිකාරියට කීවත් ඵලක් වී නැහැ

* ඇමැති මැදිහත් වී ගැටලු විසඳයි

* ජ්‍යෙෂ්ඨයන් 11කට විනය පියවර:
  ශිෂ්‍යාවෝ 4ක් ඒ අතර

නවක සිසු සිසුවියන් පිරිසක් හිරිකටුව ගඟ අයිනට රැගෙන විත් සියලු ඇඳුම් ගලවා නිරුවතින් බිම පෙරළවා ශාරීරික හා මානසික ලෙස නවක වදය ලබා දී ඇති බවට හඳුනා ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 7 දෙනකු හා සිසුවියන් 4 දෙනකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කෙරේ. සිංහරාජ හා ආරියතිලක නේවාසිකාගාරවලදී ද නවක සිසු සිසුවියන්ගේ ඇඳුම් ගලවා වැසිකිළි තුළ බිම පෙරළවා දරුණු ලෙස මෙම ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවකවදය ලබා දී ඇති බවට තොරතුරු හෙළි වේ.

විස්තර»

ඊළාම් සිහිනය දේශපාලන න්‍යාය පත්‍ර වී යළි මතු වෙලා

ඇතැමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එදා ප්‍රභාකරන් ඉල්ලූ ඒවාමයි

ජනපති වවුනියාවේ දී කියයි

ඊළාම් සිහිනය දේශපාලන න්‍යාය පත්‍රයක් වී යළි මතු වුවත් රට කෑලිවලට කඩන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.ඇතැම් අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වශයෙන් යළි එළි දක්වා තිබෙන්නේ වසර හතරකට පෙර ප්‍රභාකරන් කළ ඉල්ලීම් බව පැවසූ ජනාධිපතිවරයා ප්‍රභාකරන්ට නොහැකි වූ දේ කරන්නට යළිත් කිසිවකුට ඉඩ නොදෙන බවත් රට බෙදන්නට තවත් කථා කිරීමෙන් ඵලක් නැති බවත් පැවසීය.

විස්තර»

මන්නාරම එජනිස රැලියේදී

හිටපු එල්ටීටීඊ නායකයෙක් තවත් 25ක් සමඟ ආණ්ඩුවට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ගෙන යන රට සංවර්ධනය කිරීමේ උදාර වැඩපිළිවෙළ පිළිබඳ පැහැදී මන්නාරම හිටපු එල්.ටී.ටී.ඊ. දේශපාලන නායක එරම්බමූර්ති ශිවානන්ද රාජා (රොබට්) මහතා ප්‍රධාන සාමාජිකයෝ විසිපස් දෙනකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්තෙයි හා මන්නාරම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනකු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ඊයේ (11) පැවැති ජනහමුවේ දී ආණ්ඩුවට එක්වූහ.

විස්තර»

සිරකරු දිනය අදයි

රැඳවියන් 1500කට ජනපති සමාව

අදට (12) යෙදෙන සිරකරු දිනය නිමිත්තෙන් සිරකරුවන් 1500 දෙනකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිරිනමන විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස ලබනු ඇත.දහසක් පමණ සුළු වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින අයයි. ඔවුන් දැනට ගෙවා ඇති සිර දඬුවම් කාලය සලකා බලා ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය මේ මගින් අහෝසි කෙරේ. අවුරුදු 70 ඉක්මවූ වයස්ගත සිරකරුවන්ට ඉදිරියට ඇති දඬුවම් කාලය නොසලකා හැර ඔවුන්ද නිදහස් කිරීම ජනාධිපති විශේෂ සමාව යටතේ සිදුවේ.

විස්තර»

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව

විදේශ රැකියා ඉලක්කය ජය ගැනීමට‍
හොඳ අවස්ථාවක්

විදේශ රැකියා ඒජන්සියේ සභාපති
සේනක අබේගුණසේකර

ශ්‍රී ලංකා විදේශ රැකියා ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්කය ජය ගැනීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධකයක් බව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති සේනක අබේගුණසේකර මහතා පවසයි.ඒ අනුව එළඹෙන 2016 වනවිට විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් වාර්ෂිකව උපයා ගැනීමට අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් මිලියන 10,000 ඉලක්කය කරා ගමන් කිරීමේ හැකියාව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නොයවන රටවලට ද අපේ ශ්‍රමිකයන් යැවීම සඳහා හොඳ අවස්ථාවක් බව සඳහන් කරයි.

විස්තර»


වවුනියාව ජනතාවට ජනපතිතුමන් ඇතුළු සන්ධාන අපේක්ෂකයන්ගේ ආචාරය...

 

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරඟ වැද සිටින වවුනියාව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව නගරයේදී ඊයේ (11) පෙරවරුවේ පැවැත්වූ අතර එහිදී ජනාධිපතිතුමන් ප්‍රමුඛ අපේක්ෂකයන් පැමිණ සිටි ජනතාවට ආචාර කළ අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා






 

කොටියට රට භාර දෙන්ට ගිවිසුම් පත් ලියුව ගොල්ල
රණවිරුවන් සමච්චලයට ලක් කර දැම්ම පොල්ල
අලිමංකඩ පාමංකඩ මතක නැද්ද අම්ම පල්ල
කාටද ආඩම්බර යන කොට ඡන්දය ඉල්ල ඉල්ල