මුද්‍රණය සඳහා

 
ප්‍රාථමික පාසල් 5000ක් ළමා මිතුරු පාසල් ලෙස ප්‍රතිපෝෂණය කෙරේ

ප්‍රාථමික පාසල් 5000ක් ළමා මිතුරු පාසල් ලෙස ප්‍රතිපෝෂණය කෙරේ

යුනිසෙෆ් වාර්තාවලට අනුව දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ.

ඈත එපිට ගම්බද දරුවන් පවා ප්‍රාථමික අධ්‍යාපන මට්ටමේ දී විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගන්නා නිසා එය හොඳින් තහවුරු වන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් නියෝජනය කරමින් දිවයින පුරා පාසල් දහසක් ද්වීතීයික පාසල් ලෙස ප්‍රතිසංවර්ධනය වන බවත් ඊට සමගාමීව 1-5 දක්වා ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් ප්‍රාථමික පාසල් 5000ක් ළමා මිතුරු පාසල් ලෙස ප්‍රතිපෝෂණය කිරීමට වත්මන් රජය කටයුතු යොදා ඇති බවත් මෙහි දී අමාත්‍යතුමා සඳහන් කළේ ය.

දරුවන්ගේ ප්‍රථමික අධ්‍යාපන අවධිය ගැන මවුපියන් කොතෙකුත් කරදරවන නමුත් ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සතුටුදායක මට්ටමක පවතින බවද, ගම්බද පාසල්වල පහේ ශිෂ්‍යත්ව සමතුන් සංඛ්‍යාවේ වැඩිවීම, පාසල්වලට ඇතුළත්වන දරුවන් වැඩිවීම, ඇදහැලෙන දරුවන් අඩුවීම ආදිය මගින් හොඳින් තහවුරු වන බව ද වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යතුමන් පැහැදිලි කළේ ය.

වසර 2016 වනවිට, 6-13 තෙක් ශ්‍රේණිවල ද්විතීයික අධ්‍යාපන අවස්ථා සංවර්ධනය කරමින් ජනප්‍රිය යැයි සම්මත පාසල්වල පවත්නා සියලූ පහසුකම්වලින් සමන්විත පාසල් 3ක් බැගින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම ප්‍රතිනිර්මාණය කිරීමට ද කටයුතු යොදා ඇති බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා(4) දින පාසල් දහස ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන මහරගම බුවනෙකබා විද්‍යාලයීය මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]