වයඹ නිවාස 277835කට විදුලිය

වයඹ නිවාස 277835කට විදුලිය

මහින්ද රාජපක්ෂ රජය යටතේ වයඹ පළාතට විදුලි යෝජනා ක්‍රම 400ක් හා විදුලි දිගු 7163ක් ලබා දී ඇති අතර, නිවාස 277835 ක් වෙනුවෙන් විදුලිය ලබාදීම සිදු කර ඇත.

මේ සඳහා රුපියල් මිලියන 6473 ක් විදයම් කර ඇති අතර, 2014 වසර වන විට වයඹ පළාතම සම්පූර්ණයෙන් විදුලියනය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ බෝගහයාය, තිබ්බටුවාව, කටුගම්පොල යන ගම්මාන වෙනුවෙන් ඉදිකළ විදුලි යෝජනා ක්‍රම ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සවයේ දී මෙම කරුණු අනාවරණය විය. රුපියල් ලක්ෂ 200 ක් වැය කරමින් ඉදිකළ මෙම ව්‍යාපෘතිය මගින් නිවාස 500 කට විදුලිය සැපයේ. මෙමගින් ප්‍රදේශයේ සුළුකර්මාන්ත ඇතුළුව ජනතාවගේ ජනජීවිත නගාසිටුවීමට හැකිවන බව විදුලිබල හා බලශක්ති ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

2013 වර්ෂයේ ජූලි මස වනවිට වයඹ පළාතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ 92% ක් විදුලියෙන් ආවරණය කර ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ 84% ක ප්‍රතිශතයක් විදුලියෙන් ආවරණය කර තිබේ.

මේ වනවිට වයඹ පළාත තුළ ප්‍රධාන නගර ආවරණය වන පරිද්දෙන් විදුලිය ලබාදී ඇති අතර ඉදිරියේ දී වයඹ දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ විදුලි අවශ්‍යතා 100% ක් සපුරාලීම සඳහා විදුලි දිගු රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා