මුද්‍රණය සඳහා

 
හෙරොයින් බෙදාහැරියැයි නීතිඥ පුතා අත්අඩංගුවට

හෙරොයින් බෙදාහැරියැයි නීතිඥ පුතා අත්අඩංගුවට

ජා-ඇළ ග‍ණේමුල්ල ඇතුළු ප්‍රදේශ රැසකට හෙරොයින් බෙදාහරින අයකු රුපියල් පනස්දහසක් වටිනා හෙරොයින් තොගයක් සමඟින් කුඩාබොල්ලත ප්‍රදේශයේ දී ගණේමුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නීතිඥවරයකුගේ පුතකු බව ‍ගණේමුල්ල පොලිස්ථානාධිපති දමින්ද සෝමජිත් මහතා පවසයි. සැකකරු කොටුකරගන්නා විට සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් එකසිය විස්සක් සොයාගත් බව සෝමජිත් මහතා පැවැසීය.

ගෝලයන් තිදෙනකු යොදාගෙන ඔවුනට ජංගම දුරකථන ලබා දී ඒමගින් හෙරොයින් ජවාරම සරුවට සිදුකරන බව සැකකරු පොලිස් නිලධාරින් ඉදිරියේ පාපොචිචාරණය කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (11) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගණේමුල්ල පොලිස්ථානාධිපති දමින්ද සෝමජිත් මහතාගේ උපදෙස් මත, පොලිස් පරීක්ෂක වැන්ඩගට්, කොස්තා 81155 කුමාර, 66375 ආරියරත්න, 41282 සමරතුංග මහත්වරු මෙම වැටලීම සිදු කළහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]