හමුදාවේ දෙදෙනකු මැරුවාට අධි චෝදනා පත්‍ර බාරදෙයි

හමුදාවේ දෙදෙනකු මැරුවාට අධි චෝදනා පත්‍ර බාරදෙයි

එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හා එක්ව යුද හමුදා බස්රථයක් ඉලක්ක කර ගනිමින් ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හැර යුද හමුදා නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළ කොටි සාමාජිකයකුට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් හමුවේ(10) අධි චෝදනා පත්‍ර බාර දුන්නේය.

සෙල්වනායගම් ආනන්ද වර්නන් හෙවත් අරවින්දන් නමැති විත්තිකරුට එසේ අධි චෝදනා පත්‍ර බාරදෙන ලදී. 2007 මැයි මස 24 හෝ මැයි 31 අතර කාලයේ දී පිටකොටුවේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් බසයක් ඉලක්ක කැර ක්ලෝමෝ බෝම්බයක් පුපුරවා හැරීමට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන අධි චෝදනා මත විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මෙම අධි චෝදනා ගොනුකර ඇත.

මෙම ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයෙන් යුද හමුදා කෝප්‍රල්වරුන් වන වසන්ත කුමාර, ප්‍රියන්ත නානායක්කාර යන මහත්වරු ජීවිතක්ෂයට පත්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා