දුම්රිය අධිකාරිට ලොකුකම් පෑ පොඩ්ඩා පසුබසී

දුම්රිය අධිකාරිට ලොකුකම් පෑ පොඩ්ඩා පසුබසී

මට 'ගෝඨාභයට' කියා විනාඩි තුනෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාදෙන ක්‍රමවේදය වෙනස් කරන බවට කොටුව දුම්රිය ස්ථානයේ අධිකාරිවරයාට ලොකුකම්පාන්නට ගිය පොඩ්ඩෙකු පසුව හීන්සීරුවේ පසුබැස ගිය සිද්ධියක් පෙරේදා (10) දහවල් කොටුව දුම්රිය ස්ථානය තුළ දක්නට ලැබුණි.

නිකුත් කරන වේලාවට කලින් ප්‍රවේශපත්‍රයක් ඉල්ලා එය නොලැබුණු විට ආරක්ෂක ලේකම්වරයාගේ නම සඳහන් කළ මේ පුද්ගලයාට දුම්රිය ස්ථාන අධිකාරීවරයා නිසි පරිදි උත්තර දුන් නිසා ඔහුට හකුලාගෙන යාමට සිදු විය.

තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියකු යැයි කියමින් කොටුව දුම්රිය ස්ථානයේ අධිකාරිවරයාගේ කාර්යාලයට පෙරේදා (10) දහවල් 1.45ට පැමිණි තරුණයකු නාත්තන්ඩියට යාමට දෙවන පන්තියේ ප්‍රවේශපත්‍රයක් අවශ්‍ය බව පවසා තිබේ. දෙවන පන්තියේ මැදිරි සහිත දුම්රියන් නාත්තන්ඩිය බලා ධාවනය වන්නේ සවස 4 හා 5ට පසුව බව පවසා ඇති දුම්රිය ස්ථාන අධිකාරිවරයා වේලාසන එම දුම්රිය සඳහා ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශයෙන් එකවරම කෝප වූ මේ තරුණයා තමා හවස දුම්රිය එන වේලාවට පැමිණෙන බව කියමින් නාත්තන්ඩියට යාමට දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් ලබාදෙන ලෙස අවධාරණය කර ඇත.

එහිදී දුම්රිය ස්ථාන අධිකාරී මහතා දෙවන පංතියේ දුම්රිය මැදිරි තිබෙන දුම්රියයන් සවස හතරෙන් පසු හා පහෙන් පසු ධාවනය වන බැවින් වේලාසන එම ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන බව පවසා ඇත. එහිදී එක්වරම කුපිතවු මේ තරුණයා මම හවසට දුම්රිය එන වෙලාවටම එන බැවින් වේලාසන නාත්තන්ඩියට දෙවන පංතියේ ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු බව ට අවධාරණය කොට ඇත.

එහිදී දුම්රිය ස්ථාන අධිකාරී මහතා පැමිණ සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ යැයි පැවසු නරුණයාට වේලාසන ප්‍රවේශ පත්‍ර දැනට ලබා නොදෙන බවත් ඉදිරියේදී ප්‍රවේශ පත්‍ර ලබාදෙන ක්‍රමවේදය වෙනස් කිරීමට පියවර ගන්නම් යනුවෙන් පවසා ඇත.

මෙහිදී එක්වරම කුපිතවු ආරක්ෂක අමාත්‍යංශයේ යැයි කියාගත් අ‍ය මං ගෝඨාභයට කියා විනාඩි තුනෙන් මේ ක්‍ර‍මවේදය වෙනස් කරනවා .එවිට මට නාත්තන්ඩියට ප්‍රවේශ පත්‍ර ලබාදෙන්නවෙයි යනුවෙන් ‍තර්ජනය කොට ඇත. කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මෙ රට බේරාගත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු ගරුසරුවක් නොමැතිව ඹහුගේ නම අයථා ලෙස භාවිතා කරන මෙවැනි පිරිස් නිසා රජය දැඩි අපහසු තාවට පත්වන අවස්ථා බොහෝයි. ආරක්ෂක ලේකම්තුමා මෙවැනි පුද්ගලයන් පිළිබද දැඩි අවධානය යොමු කරන්නේ නම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙවැනි අපහසුතාවන්ට පත්වන්නේ නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා