|
||||
පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංගමයෙන් ජනාධිපති සහකාර ලේකම්ට සංදේශයක්
ත්‍රිවිධ හමුදාවට ලබාදෙන සංයුක්ත දීමනාව 2012 වසරේ සැප්තැම්බර් 17 දිනට පෙර මියගිය පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් සඳහා ද ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී. පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් සඳහා යැපෙන්නන්ගේ දීමනාවක් නොගෙවන නමුත් 1989.06.15 දිනැති අංක 562/11 දරන ගැසට් පත්‍රයට අනුව යුද හමුදා සාමාජිකයන්ගේ යැපෙන්නන්ට දීමනාවක් ලබාදන බව මේ සංගමය පෙන්වා දෙයි. පොලිස් විශේෂ කාර්ය බළකායද යුද්ධයේදී හමුදාව ලෙසම මෙහෙයක් කළද පොලිසිය දෙපාර්තමේන්තුවක් බැවින් එවැනි දීමනාවක් නොගෙවන බව දැනුම් දී ඇති බවද පොලිසිය දෙපාර්තමේන්තුවක් වූවද පැය අටකට සේවාව සීමා වී නැති බව පෙන්වා දෙමින් පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංගමය ජනාධිපති සහකාර ලේකම් මේදා අබේමුල්ල මහත්මිය වෙත ඊයේ (11) සංදේශයක් බාරදෙන ලදී. පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි ඉකුත් වසරේ සැප්තැම්බර් 17 දා සිට පොලිස් ආබාධිත වූවන් වෙනුවෙන් සංයුක්ත දීමනාවට සමාන දීමනාවක් ගෙවීමට අනුමැතිය ලබාදී ඇතත් එහිදී මියගිය නිලධාරින්ගේ යැපෙන්නන් අමතක කර ඇති බව එම සංගමය පෙන්වා දෙයි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |