මුද්‍රණය සඳහා

 
ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ප්‍රවේශවන්න

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ප්‍රවේශවන්න

ඇමැති ඩලස් අලහප්පෙරුම එජාපයට ආරාධනා කරයි

මේ මොහොතේ සිට හෝ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ප්‍රවේශවන්නැයි එක්සත් ජාතික පක්ෂයට සහෝදරත්වයෙන් ආරාධනා කරන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්ෙපරුම මහතා පැවසීය.

එසේ නොවුණහොත් මැතිවරණය ඇල්මැරුණු ස්වරූපයක් ගන්නා බව හෙතෙම කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

කොළඹටවී මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් පමණක් මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැති බවත් එසේ නොකර පොළවට බැස මැතිවරණයට උත්තේජනයක් ලබාදෙන ලෙසත් ඒ මහතා එජාපයෙන් ඉල්ලා සිටියේ ය.

එජාප පනස් වෙනි සංවත්සරයේ සිට සෑම සංවත්සර උළෙලකදීම රජය පෙරලා ඊළග සංවත්සරය පවත් වන බවට විපක්ෂ නායකවරයා පවසන බවත් ඔහුට ලබන සංවත්සරයේ දි පමණක් නොව තවත් දීර්ඝ කාලයක් රජය පෙරළීමේ සිහිනය දකිමින් සිටීමට සිදුවන බවත් අලහප්පේරුම මහතා පැවැසීය.

බලය බන්දේසියක තබා දොතට ගෙනවිත් දෙන තෙක් එජාප නායකයා ප්‍රමුඛ නියෝජිතයෝ බලා සිටින බවද ඇමැතිවරයා කීවේය.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

මේ මැතිවරණය දිහා බැලුවම එජාපය ඇතුළු විපක්ෂයේ කඩා වැටීම හොඳ හැටි දැකගත හැකියි. තේමා පාඨ නැහැ, සටන් පාඨ නැහැ, පක්ෂය වෙනුවෙන් නිකුත් කළ පත්‍රිකාවක් නැහැ. අඩුම ගානේ දීර්ඝ කාලයක් පක්ෂයත් සමඟ සිටී සාමාජියන් ආරක්ෂා කරගන්න වත් විපක්ෂයට නොහැකි වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවුණාම ජනතාව මැතිවරණ දිහා බලන්නේ ඇල් මැරුනු ස්වරූපයෙන්. ඒය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ගැලපෙන්නේ නැහැ. එම නිසා අපි එජාපයෙන් ඉල්ලා සිටිනවා යම් සටනක් දෙන්න හෝ එන්න කියලා.

එහෙම නැතුව වෙනත් මැතිවරණ ගැන කතා කර කර ඉඳලා පලක් නැහැ. මුලින් කළයුත්තේ ලැබිලා තියෙන ඡන්දය ජයග්‍රහණය කිරීමට උත්සහ කිරීමයි. එසේ නොමැතිව මැතිවරණයෙන් පසු දොස් නඟන්න එපා යැයිද හෙතම කීවේය.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]