පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට කොළඹ පාසල් 31කට නිවාඩු

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට කොළඹ පාසල් 31කට නිවාඩු

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව නිමිති කොට ගෙන කොළඹ පාසල් 31ක් නොවැම්බර් මස 6 වනදා සිට 19 වනදා දක්වා වසා තැ‍බීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

එහිදී අහිමි වන දින ආවරණ කිරීම සඳහා විදුහල් වෙත ලබාදී ඇති විකල්ප වැඩසටහන් ඒ ඒ විදුහල් මඟින් සාකච්ඡා කර තීරණය කරනු ලැබේ.

වසා තැබෙන පාසල් මෙසේය.

2013-11-06 සිට 2013-11-19 දක්වා

මහානාම විදුහල, කොළඹ 03 - බාරොන් ජයතිලක විදුහල මාළිගාවත්ත – රාජසිංහ විදුහල, මාළිගාවත්ත – අශෝක විදුහල, මරදාන – ආනන්ද විදුහල, මරදාන – විහාර මහා දේවි බාලිකා විදුහල, මරදාන - සංඝරාජ විදුහල, මරදාන - හෝලි රොසරි සිංහල විදුහල, කොම්පඤ්ඤ වීදිය - හෝලි රොසරි දෙමළ විදුහල, කොම්පඤ්ඤ වීදිය – ටී. බී. ජයා විදුහල, කොම්පඤ්ඤ වීදිය – අල් ඉග්බාග් විදුහල, කොම්පඤ්ඤ වීදිය – මිහිඳු විදුහල, කෙසෙල්වත්ත – අල්හිග්මා විදුහල, කෙසෙල්වත්ත - කොටහේන මධ්‍ය මහා විද්‍යාලය, කොටහේන - ශාන්ත පාවුලු බාලිකා විදුහල, බම්බලපිටිය – හින්දු විදුහල, බම්බලපිටිය – විශාකා විදුහල, කොළඹ 05 - ඉසිපතන විදුහල, කොළඹ 05, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල, කොළඹ 08 - සුසමයවර්ධන විදුහල, කොළඹ 08 - රාජකීය විදුහල, කොළඹ 07 – ඩී. එස්. සේනානායක විදුහල, කොළඹ 07 - තර්ස්ටන් විදුහල, කොළඹ 03 - සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල, කොළඹ 07 - ආනන්ද බාලිකා විදුහල, මරදාන - ගෝතමී බාලිකා විදුහල, මරදාන – නාලන්ද මහා විද්‍යාලය, බොරැල්ල – මහාබෝධි විද්‍යාලය, කොළඹ 02 - සාතිපුත්ත විද්‍යාලය, කොළඹ 02 -

2013 – 11 – 09 සිට 2013 – 11 – 19 දක්වා

අල්හිදියා මහ විදුහල, කොළඹ 10 – ඊ. ඒ. ගුණසිංහ විද්‍යාලය, කොළඹ 12.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා