ඔස්ට්‍රේලියානු නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්

ඔස්ට්‍රේලියානු නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවන ඔස්ට්‍රේලියානු නව අගමැති ටෝනි ඇ‍බොට් (Tony Abbott) මහතා පිළිගැනීමට තමා සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ නව අගමැතිවරයාට සුබ පැතුම් පිරිනැමීම සඳහා දුරකතනයෙන් සම්බන්ධ වූ අවස්ථාවේ දී ඒ මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී ඒ මහතා සදහන් කළේ ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ධූර කාලය තුළ සාර්ථකව කටයුතු කරගෙන යාමට හැකිවේවා යනුවෙනි. නීති විරෝධී සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකළ ඔස්ට්‍රේලියානු නව අගමැතිවරයා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළේය. එළඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා සහභාගි වන බවට ඕස්ට්‍රේලියාව දැනටමත් දැනුම් දී තිබෙන අතර ඊට අමතරව සාමාජික සෙසු රටවල් ද සහභාගි වීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා