කූට ජල බෝතල් ගැන තොරතුරු ෙහළිෙවයි

කූට ජල බෝතල් ගැන තොරතුරු හෙළිවෙයි

නීත්‍යානුකූලව පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන ආයතන අනුගමනය කරමින් ව්‍යාජ ජල බෝතල් නිෂ්පාදනය කරන කූට ව්‍යාපාරයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි වී ඇත.

එම තොරුතුරු අනුව පිටකොටුව ප්‍රදේශයේ කළ පරීක්ෂා කිරීම්වලදී එවැනි ජල බෝතල් කිහිපයක් හඳුනා ගැනීමට අමාත්‍යාංශයේ නිලධාරීන්ට හැකි වී ති‍බේ. මිනිස් පරිභෝජනය සඳහා මිලදී ගන්නා පානීය ජල බෝතල්වල CFA අකුරු සහිතව ලියාපදිංචි අංකයක් පවතින්නේද යන්න පරීක්ෂා කර මිලදී ගැනීමට මහජනතාව කටයුතු කළ යුතු බවත් එමඟින් ව්‍යාජ ජල බෝතල් හඳුනාගත හැකි බවත් අමාත්‍යාංශය පවසයි.

මෙරට ප්‍රධාන ආහාර බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, කොළඹ නගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහත්වරු ඇතුළු ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද ඊයේ (11) මේ පරීක්ෂා කිරීම්වලට සහභාගී වූහ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර හා පළතුරු තොගයක් ද අත්අඩංගුවට ගෙන භූමිතෙල් දමා විනාශ කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ජල බෝතල් නිෂ්පාදන සමාගම් 32 ක් අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇතැයි ද, එම ආයතනවල ප්‍රධානීන් කැඳවා මේ කූට ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළදී ඔවුන් දැනුවත් කරන්නේ යැයි ද අමාත්‍යාංශය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා