මුද්‍රණය සඳහා

 
දිනාගත් නිදහස ස්ථාවරත්වය අවුල් කිරීමක්

පිල්ලේගේ ජිනීවා ප්‍රකාශය

දිනාගත් නිදහස ස්ථාවරත්වය අවුල් කිරීමක්

ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී තමන් මුණ ගැසුණු මානව හිමිකමට ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් මෙන්ම හමු වූ වෙනත් පුද්ගලයන් ආරක්ෂා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කිරීම මේ රට දිනාගත් නිදහස සාමය හා ස්ථාවරභාවය අවුල් කිරීමක් බව සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා අවධාරණය කරයි.

ආනමඩුව ආසනයේ මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

තර්ජනය කිරීම, බියවැද්දීම හා පහරදීම පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස ඇය විසින් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ සියලු කරුණු කාරණා වලින් කියාපාන්නේ අතිමහත් පරිශ්‍රමයක් දරා ජීවිත දහස් ගණන් පරිත්‍යාග කරමින් ලබාගත් නිදහස සාමය මෙන්ම සියලු ජන කොටස්වලට එක හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමේ නිදහස නොමැති බව සමස්ත ලෝකයටම වැරැදි චිත්‍රයක් නිර්මාණය කිරීමට බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]