මුද්‍රණය සඳහා

 
අද-හෙට සහ අනිද්දාත් තැපැල් ඡන්දය දැමීමට ඉඩ

අද-හෙට සහ අනිද්දාත් තැපැල් ඡන්දය දැමීමට ඉඩ

මෙදා ඡන්ද භාවිතය ඉහළ මට්ටමක

මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට සුදුසුකම් ලබා මෙතෙක් ඡන්දය භාවිතා නොකළ තැපැල් ඡන්ද දායකයන්ට අද (12) හෙට (13) හා අනිද්දා (14) තෙදින අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ඇති බව මැතිවරණ ‍මහ ලේකම් කාර්යාලය පවසයි.

තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීම සඳහා මෙවර 111383 තැපැල් ඡන්දදායකයින් පිරිසක් සුදුසුකම් ලබා තිබූ බවත් 9 - 10 දෙදින තැපැල් ඡන්දය භාවිතා කිරීම ඉතා ප්‍රශස්ථ මට්ටමක පැවැති බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කෙළේය.

9 හා 10 දෙදින භාවිතා නොකළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අයත් පැකටටුව මේ වන විට ඡන්දහිමි කාර්යාල මගින් විවෘත නොකොට අදාළ දිස්ත්‍රික් කාර්යාල වෙත යවා ඇතැයිද හෙතෙම අනාවරණය කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]