නුවරඑළිය පූඬලුඔය ජන රැලි අද

ජනපති ප්‍රධානත්වයෙන්

නුවරඑළිය පූඬලුඔය ජන රැලි අද

මධ්‍යම පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරන විජයග්‍රාහී ජන රැලි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සවස දෙකට නුවරඑළිය, පූඬලුඔය නගරයේදී පැවැත්වේ.

සතුටයි නිදහසයි දිනවමු තේමාව ඔස්සේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කරන ජනරැලි මාලවේ හත්වැනි රැලිය වන්නේ අද පැවැත්වෙන නුවරඑළිය රැලියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්, මැති ඇමැතිවරුන්, පළාත් සභා අපේක්ෂකයන් මේ අවස්ථාවට එක්වීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා