මුද්‍රණය සඳහා

 
හෝමාගම ප්‍රා. සභාවේ ලක්ෂ 30ක කැබ් රථයට මොකද වුණේ ?

හෝමාගම ප්‍රා. සභාවේ ලක්ෂ 30ක කැබ් රථයට මොකද වුණේ ?

පරීක්‍ෂණයක් පවත්වන්නැයි මන්ත්‍රීවරු පවසති

හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් රුපියල් ලක්‍ෂ තිහකට අධික වටිනා ඩබල් කැබ් රථයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව සභාවේ උප සභාපති ඉන්දික කෝරළගේ, විපක්‍ෂ නායක අරුණ පනාගොඩ මහත්වරුන් හා මන්ත්‍රීවරු පවසති.

50 - 8509 අංක දරන මෙම ඩබල් කැබ් රථය ජපානයේ නිෂ්පාදිත ‘බ්‍රෑන්ඩ් නිව්’ තත්ත්වයෙන් මෙරටට ගෙන්වා ඇත.

මෙම කැබ් රථය වසර ගණනාවක සිට සභාවේ පත්වූ සභාපතිවරුන්ගේ නිල ගමන් කටයුතු සඳහා යොදවා තිබී ඇති අතර, අනතුරුව සභාවේ මුදල් යොදවා මිලදී ගත් නව ඩබල් කැබ් රථ දෙක සමඟ ඉහත කැබ් රථය භාවිතයෙන් ඉවත් කළ බව සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

2011 වසරේ ජනවාරි මස සිට අස්ථානගතවී ඇතැයි පවසන මෙම කැබ් රථය අලුත්වැඩියාවක් සඳහා රත්මලාන ප්‍රදේශයේ ගරාජයකට ලබාදී ඇතැයි සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

2011 ජනවාරි මස දී ගරාජයකට ලබාදුන් බව පවසා කැබ් රථයට, එම වසරේ හත්වැනි මසදී කැබ් රථයේ නඩත්තු කටයුතු සඳහා තවත් සැලකිය යුතු මුදලක් ලබාගැනීමට සභාවේ නිලධාරීන් නිර්දේශ කිරීම හා වසර දෙකකට අධික කාලයක සිට කැබ් රථය අස්ථානගතවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට අදාළ අංශවලට දන්වා සිටින බව සභාවේ උප සභාපති, විපක්‍ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු ප්‍රකාශ කර සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]