|
||||
ඇතම් රාජ්‍ය නොවන සංවිධාන ලබාදෙන ඇස් කණ්ණාඩි පැළඳීමෙන් අතුරු අබාධ
ඇතම් රාජ්‍ය නොවන සංවිධානවලින් ලබා දෙන ඇස් කණ්ණාඩි පැළදීමෙන් ඇස්වල අතුරු ආබාධ සිදුවෙන බව වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි. වයස අවුරුදු 40 ඉක්ම වූ පුද්ගලයන් සදහා අක්ෂි සායනයන් පවත්වා රුපියල් ලක්ෂ විස්සක පමණ ඇස් කණ්ණාඩි සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ලබා දී තිබෙන බැව් කුරුණෑගල දිස්ත්‍රික් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් “දිනමිණ”ට පැවසීය. රාජ්‍ය නොවන සංවිධාන හරහා ගෙන යන මේ වැඩපිළිවෙළ අවම කිරීම සඳහා විශේෂඥ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කොට තිබෙන බවත් ඒ සඳහා නවීන ඇස් කණ්ණාඩි ලබා දීමට කර ගෙන යන බවත් කීය. විශේෂඥ පරීක්ෂාවට ලක් නොකර ලබා දෙන ඇස් කණ්ණාඩි ලබා ගැනීමෙන් වළකින ලෙසට වයඹ පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |