මුද්‍රණය සඳහා

 
කළුතර ගොවිජන සේවා මධ්‍යස්ථාන භූමිවල භෝග වගා ව්‍යාපෘති අරඹයි

කළුතර ගොවිජන සේවා මධ්‍යස්ථාන භූමිවල භෝග වගා ව්‍යාපෘති අරඹයි

දොඩන්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථාන භූමිය තුළ ඇති විවිධ වූ වගාවන්ගෙන් කොටසක්.
ඡායාරූපය – නාගොඩ විශේෂ

කළුතර දිස්ත්‍රික් සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස් බී. ඒ. එන්. දිල්රුක්ෂි මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන භූමි වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

මේ අනුව දොඩන්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථාන භූමිය වගා කිරීමේ වැඩ කටයුතු එහි ගොවිජන සංවර්ධන නිලධාරිනි එම්. ඩී. ඩී. ප්‍රනාන්දු මහත්මිය ගේ මූලිකත්වයෙන් යුතුව කෘෂිකර්ම උපදේ්ශක ගයාන් සංජීව මහතාගේ ද උපදේශකත්වය යටතේ සියලුම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් ඇතුළු සමස්්ත කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගයෙන් ක්‍රියාත්මක වේ.

එළවළු, පලා වර්ග, අල භෝග, වැල් භෝග, කුළුබඩු භෝග, ඖෂධිය ශාක, පලතුරු වර්ග සහ විවිධ මල් වර්ග ද මේ වන විට දොඩන්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථාන භූමිය තුළ වගා කර ඇති අයුරු දැකගත හැක.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]