වරකාපොළ අධිකරණයේ දිනකට නඩත්තු නඩු 94ක්: විසිදෙනකුට වරෙන්තු

වරකාපොළ අධිකරණයේ දිනකට නඩත්තු නඩු 94ක්: විසිදෙනකුට වරෙන්තු

වරකාපොළ මහේස්ත්‍රාත් සනත් ජේ. මොරවක මහතා ඉදිරියේ පසුගියදා නඩත්තු නඩු 94ක් විභාගයට ගැනිණි.

මින් විත්තිකාර සැමියන් විසිදෙනෙක් මෙදින පැමිණ නොසිටි හෙයින් ඔවුන්ට විරුද්ධව විරෙන්තු නිකුත් කරන ලදී. මෙදින සැමියන් විසින් බිරියන්ට ගෙන ලද මුළු නඩත්තු මුදල රුපියල් තුන් ලක්ෂ දොළොස් දාහකි. (රු.3,12000)

ස්වාමිපුරුෂයන් විසින් ද්වේශසහගත ලෙස තම බිරියන් සහ දරුවන් අතහැර යාම සහ බිරියන් විසින් විවිධ හේතූන් මත තම ස්වාමිපුරුෂයන් අතහැර යාමත් මෙම නඩුවලට හේතුවයි.

කෙසේ වෙතත් නඩත්තු මුදල ගෙවනුයේ පුරුෂයා විසින්ය. බිරියන් නියමිත දිනට උසාවි එනුයේ තම මාසික පඩිය ගැනීමට එන්නාක් මෙනි.

මෙදින සමහර කාන්තාවන් පැමිණ සිටියේ තම දරුවා හෝ දරුවන් දෙතුªන් දෙනා සමඟය. මෙම දරුවෝ විත්ති කූඩුවේ සිටින තම පියා දෙස විටින් විට බලන ආකාරය දුටු කාටත් එය සිත්කම්පා කරවන සුළු දසුනක් විය. එහෙත් බිරියන් වන්දි මුදල රැගෙන උසාවියෙන් පිටව යනුයේ සිනා මුසු මුහුණෙනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා