ඖෂධ ලබා ගැනීමේදී රෝගීන්ට අසීරුතා

ඖෂධ ලබා ගැනීමේදී රෝගීන්ට අසීරුතා

ගම්පහ මහ රෝහලේ ඖෂධ නිකුත් කරන ස්ථානයෙන් ඖෂධ ලබාගැනීමට යෑමේදී ඉමහත් ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බව එහි සායන සඳහා පැමිණෙන රෝගීන් හා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාව පවසති.

ඖෂධ ලබා ගැනීම සඳහා දිනපතා විශාල පිරිසක් පැමිණෙන අතර ඖෂධ නිකුත් කිරීම සඳහා කව්ලු අටක් තිබුණ ද, ඖෂධ නිකුත් කිරීම සිදුකරනුයේ කව්ලු තුනකින් පමණක් වන අතර ඉන් එක් කව්ලුවක් සේවක මණ්ඩලය සඳහා වෙන්කර ඇත.

බාහිර රෝගීන්හට ඖෂධ ලබාගැනීම සඳහා තව එක් කව්ලුවක් හෝ විවෘත කළහොත් මෙම තදබදය අවම කර ගත හැකි බව පෙන්වා දෙන ජනතාව ඒ සඳහා රෝහල් බලධාරීන්ගේ අවධානය යොමුවෙනු ඇතැයි අපේක්ෂා කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා