මුද්‍රණය සඳහා

 
ලක්ෂ 65ක් ගසා කෑ ගුරුවරිය වස බොයි

ලක්ෂ 65ක් ගසා කෑ ගුරුවරිය වස බොයි

බැංකුවලින් සහ ප්‍රදේශයේ හිතවතුන්ගෙන් ලක්ෂ ගණනාවක් ගසා කෑ සක්විති ගුරුවරියක් වස පානය කර සියදිවි නසාගැනීමට තැත් කර තිබේ. කනිටු විදුහලක සේවය කරන මේ ගුරුවරිය අවට අයගෙන් ණය වශයෙන් පොලියත් සමඟ ආපසු දීමට යැයි පවසා රුපියල් ලක්ෂ 65ක් පමණ ලබාගෙන ඇතැයි පැවැසේ.

මීට අමතරව රජයේ සහ පුද්ගලික බැංකුවලින් ද රුපියල් ලක්ෂ ගණනක් ණය වී ඇති අතර, මැය දැනට සේවය කරන පාසලෙන් ස්ථාන මාරුවක් ලබා තම පදිංචි නිවෙස හා ඉඩම ද විකුණා දමා වෙනත් ප්‍රදේශයකට හොර රහසේ පවුලේ සියලු දෙනාම සමඟ යාමට සූදානම් වී සිට ඇත.

නමුත් මේ රහස කෙසේ හෝ ණය කරුවන්ට හෙළිවීමත් සමඟ ඔවුන් නිවෙසට පැමිණ මුදල් ඉල්ලා කරදර කිරීමෙන් අනතුරුව ඇය වස පානය කර ඇත. පසුව ඇය වවුනියාව රෝහලට ඇතුලත්කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]