වසරේ නැ එන ක්‍රීඩකයා චන්දිමාල් එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා මැතිව්ස්

ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල

වසරේ නැ එන ක්‍රීඩකයා චන්දිමාල් එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා මැතිව්ස්

ක්‍රීඩා මාධ්‍යවේදින්ටත් සම්මාන

ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රිකට් පිටිය දිග් විජය කරන මෙරට විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයනු වස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඩයලොග් සමාගම හා එක්ව මෙහෙයවනු ලැබූ ‘ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට්‘ සම්මාන උළෙලේ දී වසරේ නැ එන ක්‍රීඩකයා සම්මානය අත්කර ගැනීමට ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සමත්විය.

ගෙවුණු වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් දැක්වූ චන්දිමාල් ලෝක ක්‍රිකට් කරලියේ කැපී පෙනෙන යොවුන් ක්‍රීඩකයකු බවට පත්වීම හේතුවෙන් මේ සම්මානයට හිමිකම් කී අතර අන්තර් ජාතික එක්දින තරග බිමේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍රවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් සමත්විය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හී පසුගියදා පැවැති මේ සම්මාන රාත්‍රියේ විශේෂත්වය වූයේ පසුගිය වසරේ ක්‍රිකට් ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍ය වේදීන් පස්දෙනකු සම්මානයට පාත්‍රවීමය.

ඩේලි නිවුස් පුවත්පතේ ක්‍රීඩා උපදේශක කර්තෘ එල්මෝ රොඩ්රිගොපුල්ලේ මහතා ඉංග්‍රීසි මාධ්‍යයෙන් එම සම්මානය ලබා ගනිද්දී ලංකාදීප පුවත්පතේ ක්‍රිඩා කර්තෘ දමින්ද විජේසූරිය සිංහල මාධ්‍යයෙන් එම සම්මානයට හිමිකම් කීවේය. වීරකේසරි පුවත්පතේ නෙවිල් ඇන්තනී මහතා දෙමළ මාධ්‍ය යෙන් සම්මානයට පාත්‍රවිය.

වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍ය වේදී සම්මානය දිනා ගනු ලැබුවේ ඩේලි මිරර් පුවත්පතේ චන්නක ද සිල්වා මහතා විසිනි. ගුවන් විදුලියෙන් ක්‍රිකට් පිටියට කළ මහඟු මෙහෙවර උදෙසා ප්‍රවීණ විස්තර විචාරක පාලිත පෙරේරා මහතාට විශේෂ සම්මානයක් හිමිවිය.

සම්මාන ලැබුවෝ මෙසේය.

දේශීය සම්මාන ප්‍රදානය
අන්තර් සමාජ දෙවැනි පෙළ කාන්තා ක්‍රිකට්

දක්ෂතම පිතිකාරිනිය - ශිරෝමි අතුකෝරල (ශක්ති ක්‍රිඩා සමාජය), දක්ෂතම පන්දු යවන්නිය - අමා කාංචනා (ගුවන් හමුදාව), දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව - අයේෂා සඳමාලී (යුද හමුදාව), ශූරියෝ - යුද හමුදාව, අනුශූරියෝ - ගුවන් හමුදාව

අන්තර් සමාජ පළමු පෙළ කාන්තා ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා අතින් ඇන්ජෙලෝ මැතිව්ස් වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය ලබා ගනිමින්.

දිනේෂ් චන්දිමාල් වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා අතින් සම්මාන ලබමින්.

වසරේ දක්ෂතම කාන්තා එක්දින පිතිකාරිනිය දීපිකා රසාංගිකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා
අතින් සම්මාන ලබමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතා අතින් කුමාර් සංගක්කාර වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා සම්මානය ලබා ගනිමින්. ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය
මහතා ද මෙහි සිටියි.

දක්ෂතම පිතිකාරිනිය - යසෝධා මෙන්ඩිස් (ගුවන් හමුදාව), දක්ෂතම පන්දු යවන්නිය - ඉනෝකා රණවීර (නාවික හමුදාව) දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව - ශෂිකලා සිරිවර්ධන (නාවික) ශූරියෝ - නාවික හමුදාව, අනුශූරියෝ - ගුවන් හමුදාව.

අවුරුදු 23න් පහළ දෙවැනි කොටස

දක්ෂතම පිතිකරු - තරිඳු මධුසංඛ (සෙබස්තියනයිට්ස්), දක්ෂතම පන්දු යවන්නා - මොහොමඩ් අස්ලම් (සැරසන්ස්), දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - කල්ප බණ්ඩාරනායක, ශූරයෝ - අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, අනුශූරයෝ - මීගමුව ක්‍රිකට් සමාජය.

අවුරුදු 23න් පහළ පළමු කොටස

දක්ෂතම පිතිකරු - ශිහාන් කමලීන් (කෝල්ට්ස්), දක්ෂතම පන්දු යවන්නා - දුලාංජන මෙන්ඩිස් (නාවික), දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - ශෙහාන් ජයසූරිය (මුවර්ස්), ශූරයෝ - ද්‍රවිඩ සංගම් පිල, අනුශූරයෝ - මුවර්ස් ක්‍රීඩා සමාජය.

අවුරුදු 23න් පහළ තුන්වැනි කොටස (විශේෂ සම්මානය) හොරණ ක්‍රිකට් සමාජය

ඩොනවන් ඇන්ඩ්‍රි තරගාවලිය

දක්ෂතම පිතිකරු - ගිහාන් නිම්සල (ඕල්ඩ් සෙරවේෂන්ස්), දක්ෂතම පන්දු යවන්නා - නිපුන රණසිංහ (නාරම්මල ක්‍රිකට් සමාජය), දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - චානක විජේවර්ධන (කොළඹ සරසවිය), ශූරයෝ - මීගමුව ක්‍රිකට් සමාජය, අනුශූරයෝ - නාරම්මල ක්‍රිකට් සමාජය

පී.සරා ලීග් තරගාවලිය

දක්ෂතම පිතිකරු - ශෙහාන් අරවින්ද (අන්තෝනියන්ස්), දක්ෂතම පන්දු යවන්නා - බුද්ධික සංජීව (කලුතර නාගරික), දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - තිළිණ හේරත් (කුරුණෑගල ක්‍රී.ස.), ශූරයෝ - කලුතර නාගරික, අනුශූරයෝ - පොලිස් ක්‍රීඩා සමාජය

අන්තර් සමාජ විස්සයි20

දක්ෂතම පිතිකරු - සුජිත් නිකේතන (මුවර්ස්), දක්ෂතම පන්දු යවන්නා - අරවින්ද ප්‍රේමරත්න (කුරුණෑගල යොවුන්), දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - කෞෂාල් ලොකුආරච්චි (එස්.එස්.සී.), ශූරයෝ - බී.ආර්.සී., අනුශූරයෝ - කෝල්ට්ස්.

අන්තර් සමාජ එක්දින

දක්ෂතම පිතිකරු - කුසල් ජනිත් පෙරේරා (කෝල්ට්ස්), දක්ෂතම පන්දු යවන්නා - අජන්ත මෙන්ඩිස් (යුද හමුදාව), දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - ගීත් කුමාර (මේරියන්ස්), ශූරයෝ - රාගම ක්‍රිකට් සමාජය, අනුශූරයෝ - එස්.එස්.සී.

න්තර් සමාජ ප්‍රිමියර් ලීග්

දක්ෂතම පිතිකරු - කෞෂාල් සිල්වා (එස්.එස්.සී.), දක්ෂතම පන්දු යවන්නා - මලින්ද පුෂ්පකුමාර (මුවර්ස්), දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - දිල්රුවන් පෙරේරා (පානදුර ක්‍රීඩා සමාජය), ශූරයෝ - එස්.එස්.සී., අනුශූරයෝ - මුවර්ස්.

ජාත්‍යන්තර සම්මාන ප්‍රදානය
එක්දින තරග (කාන්තා)

දක්ෂතම පිතිකාරිනිය - දීපිකා රසාංගිකා, දක්ෂතම පන්දු යවන්නිය - චමනී සෙනෙවිරත්න, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව - ශෂිකලා සිරිවර්ධන

ඩයලොග් වසරේ ක්‍රීඩිකාව - ශෂිකලා සිරිවර්ධන

වසරේ නැගී එන ක්‍රීඩකයා - දිනේෂ් චන්දිමාල්

ටෙස්ට් තරග

දක්ෂතම පිතිකරු - කුමාර් සංගක්කාර, දක්ෂතම පන්දු යවන්නා - රංගන හේරත්

එක්දින තරග

දක්ෂතම පිතිකරු - තිලකරත්න ඩිල්ෂාන්, දක්ෂතම පන්දු යවන්නා - ලසිත් මාලිංග,  දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - ඇන්ජෙලෝ මැතිව්ස්

තරග විනිසුරුවන් සඳහා වන සම්මාන

ප්‍රිමියර් ලීග් ‘ඒ‘ කොටස - රවීන්ද්‍ර විමලසිරි, ප්‍රිමියර් ලීග් ‘බී‘ කොටස - නිලාන් ද සිල්වා, සරා කුසලාන -ක්‍රිෂාන්ත රොඩ්‍රිගෝ.

ඩයලොග් වසරේ ක්‍රීඩකයා - රංගන හේරත්

වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා - කුමාර් සංගක්කාර

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා