මුද්‍රණය සඳහා

 
රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් ශූරතාව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට

රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් ශූරතාව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට

ජයග්‍රාහී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පිල

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය 18 වැනි වරටත් සංවිධානය කළ රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කණ්ඩායම සමත් විය.

දිවයිනේ රාජ්‍ය සේවා කණ්ඩායම් 52කගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලියේ අවසාන තරගයේදී දෙහිවල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු කණ්ඩායම ලකුණු 81කින් පරදවමින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ශූරතාව හිමිකර ගත්තේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කණ්ඩායමේ එස්.සුදාහරන් හා ඒ.අයි.ගාල්ලගේ පිළිවෙලින් අවසන් තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස තේරිණි. මීට අමතරව ගාල්ලගේ මේ තරගාවලියේ හොඳම පිතිකරු ලෙසින්ද නම් කෙරිණි.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ සභාපති ඩර්වින් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානය සිදු කෙරිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]