ජගත් ඔලිම්පික් මහ පුටුව ජර්මනියේ තෝමස් බාක් ට

ජගත් ඔලිම්පික් මහ පුටුව ජර්මනියේ තෝමස් බාක් ට

ජගත් ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජර්මනියේ 59 හැවිරිදි තෝමස් බාක් තේරී පත්ව සිටී. ජාත්‍යන්තර ක්‍රීඩාවේ වඩාත්ම බලගතු තනතුරට පත්වූ පළමු ඔලිම්පික් ‍රන් පදක්කම්ලාභියා බාක් වෙයි. 1976 ඔලිම්පික් උළෙලේදී ඔහු බටහිර ජර්මන් කණ්ඩායම නියෝජනය කරමින් රන් පදක්කමක් දිනා ගත්තේය.

තෝමස් බාක් තේරී පත්වූයේ වසර 12ක් ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපතිව සිටි ජැක්ස් රෝග්ගෙන් හිස්වූ තනතුරටය.

කමිටුවේ සාමාජිකයන්ගේ දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී බාක් ජයග්‍රහණය කළේය. ඔහු සමග තවත් පස් දෙනෙකු තරග කළ අතර බාක් ඡන්ද 49ක් ලබා ගත්තේය. ඉලක්කම් දෙකේ ඡන්ද සංඛ්‍යාවක් (29) ලබා ගත් එකම ප්‍රතිවාදියා වූයේ පොටෝ රිකෝ හි බැංකුකරුවකු වන රිචඩ් කැරියන් ය.

ජගත් මලල ක්‍රීඩාවේ සුපිරි තරුවක් වන සර්ජි බුබ්කාට ඡන්ද 4ක් පමණක් ලැබෙමින් අත්වූයේ නින්දිත පරාජයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා