වැලිගම රෝයල්ස්ට ඩී.සී.එල් කුසලානය

වැලිගම රෝයල්ස්ට ඩී.සී.එල් කුසලානය

දික්වැල්ල ක්‍රිකට් ප්‍රවීණයන්ගේ එකමුතුව දික්වැල්ල ප්‍රාදේශීය සභාව සහ වෙළඳ සංගමය එක්ව සංවිධාන කළ අට සාමාජික ක්‍රිකට් තරගාවලියේ ඩී.සී.එල් කුසාලනය සමගින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය හිමිකර ගැනීමට වැලිගම රෝයල් කණ්ඩායම සමත්විය. තරගාවලියේ අනුශූරතාව දික්වැල්ල ජොලි බෝයිස් කණ්ඩායමට හිමිවිය.

දික්වැල්ල පොදු ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ ප්‍රදර්ශන තරගක් හේනානිගල ගුනබණ්ඩේ ඇත්තන්ගේ නායකත්වයෙන් යුත් ආදීවාසී පිල සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා නායකත්වය දුන් දික්වැල්ල රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ කණ්ඩායම අතර පැවැත්විණි. එම තරගය ජයගැනීමට හේනානිගල කණ්ඩායම සමත්විය.

ප්‍රදර්ශන තරගයට එක්වු කණ්ඩායම් සහ සංවිධායක මණ්ඩලය. ඡායාරූප-දික්වැල්ල විශේෂ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා