මුද්‍රණය සඳහා

 
පිලිපීනයේ මුස්ලිම් කැරලිකරුවෝ හමුදාව සමඟ දරුණු ගැටුමක

පිලිපීනයේ මුස්ලිම් කැරලිකරුවෝ හමුදාව සමඟ දරුණු ගැටුමක

පිලිපීනයේ මුස්ලිම් කැරලිකරුවන් සහ හමුදා භටයන් අතර යළිත් වරක් ඊයේ උග්‍ර ගැටුම් හට ගෙන තිබේ. දකුණු දිග ප්‍රධාන නගරයක් වූ සැන්බොඇන්ගා හි දරුණු ගැටුම් තුන් දිනක් පුරා පවති. ප්‍රදේශවාසින් 13 000 ක් පමණ සිය නිවෙස් අතහැර නගරයේ ක්‍රීඩාංගනයකට එක්රොක් වී ඇතැයි වාර්තා වේ.

අවතැන්වූවන්ට හැකි පමණ පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇතැයි සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවෙතත් ඇඳන් සහ වැසිකිලි පහසුකම් කිසිසේත් ප්‍රමාණවත් නැති බව ද පිළිගෙන තිබේ . ඇතැම් අය කුඩාරම්ල ලැගුම්ගෙන සිටින බව ද වාර්තා වේ.

දෙපාර්ශවය අතර ගැටුම්වලදී කැරලිකරුවන්, නිවැසියන් 180 ක් පමණ දෙනා මිනිස් පවුරක් ලෙස යොදා ගෙන ඇති බව සඳහන් වේ. මොරෝ ජාතික විමුක්ති පෙරමුණේ ගරිල්ලන් වෙරළබඩ ප්‍රදේශ හයක් වටලා සිටින බවද පැවසේ. මේ ප්‍රදේශයේ මුස්ලිම් බහුතරයකින් යුත් 160 000 ක් පමණ වාසය කරන බව සඳහන් ය.වැටලීම් ආරම්භ වූයේ මුස්ලිම් ගරිල්ලා සංවිධානය මීට සති හතරකට පෙර නිදහස ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

වසර විසිපහකින් පසුව 1996 දී සාම ගිවිසුමකට ඇතුළත් වුවත්, වසර 2001 දී ත් මිසුවාන්ගේ ගරිල්ලා කණ්ඩායම මෙවැනි ම දරුණු වැටලීමක් සිදු ක‍ළේය. ඒ හේතුවෙන් වසර 2008 දක්වා ගරිල්ලා නායකයෙක් වූ මිසුවාන් පසුවූයේ බන්ධනාගාරයේයි. 1996 සාම ගිවිසුමේ කොන්දේසිවලට පටහැනි සාම ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ඔහු විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]