අපට නිදහස් වෙන්න දෙන්න

අපට නිදහස් වෙන්න දෙන්න

කැටලෝනියානු ජාතිකයෝ ස්පාඤ්ඤයෙන් ඉල්ලති

ස්පාඤ්ඤයෙන් නිදහස පතා කැටලෝනියානු ජාතිකයන් දස දහස් ගණනක් කි.මී. 450 ක් දිග දම්වැලක් බැඳගෙන බදාදා විරෝධතා දක්වා තිබේ. මෙම මිනිස් දම්වැල ඊසාන දිග මධ්‍යධරණී කලාපයේ නගර සහ ගම් 86 ක් හරහා දිවෙනු ඇත.

මෙම විරෝධතාව පවත්වන්නේ එරට ජාතික දිනයට සමගාමිවයි. එරට හමුදාව වසර 1714 දී ස්පාඤ්ඤයේ පස්වන ෆිලිප් රජුගේ හමුදා අතින් පරාජයට පත්වීමත් සමඟ සිටින්නේ ස්පාඤ්ඤය යටතේයි. බදාදා දිනය ඓතිහාසික දිනයක් වනු ඇතැයි කැටලෝනියානු ජාතික නියෝජිත මණ්ඩලයේ සභාපති කාමි ෆෙකාඩෙල් පවසයි.

විරෝධතා දම්වැලට 400 000 කට අධික පිරිසක් එක්වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම දම්වැල ගොඩනැඟිමට තීරණය කර ඇත්තේ සෝවියට් රජය කඩාවැටුණ අවස්ථාවේ එස්ටෝනියාවට, ලැට්වියාවට සහ ලතුවේනියාවට නිදසහ ලබා දුන් 1989 බොල්ටික් මිනිස් දම්වැල අනුකරණය කිරීමෙනි.

කැටලෝනියානු ජාතිකයන්ට නිදහස ලබා දීමට ස්පාඤ්ඤය ප්‍රබල විරෝධතාවක් දක්වන බව වාර්තා වේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා