උතුරු කොරියාවට පහර දෙන්න කෲස් මිසයිලයක් හදනවා

උතුරු කොරියාවට පහර දෙන්න කෲස් මිසයිලයක් හදනවා

ද.කො. ආරක්ෂක ඇමැති වහසි බස් දොඩයි

ලබන මාසයේ දී සෝල් හි දී හමුදා පෙළපාළි පවත්වන අවස්ථාවේ දී උතුරු කොරියාවට ප්‍රහාර එල්ල කළ හැකි කෲස් මිසයිලයක් එළි දක්වන බව දකුණු කොරියානු ආරක්ෂක ඇමැතිවරයා ඊයේ අනාවරණය කර ඇත.

ලබන ඔක්තෝබර් 1දා දකුණු කොරියාව සමරන්නේ දකුණු කොරියානු සන්නද්ධ හමුදාව ස්ථාපනය කිරීමේ 65 වන සංවත්සරය යි. මෙම සංවත්සර උත්සවය පවත්වන්නේ පස් වසරකට වරක් ය.

හමුදා පෙළපාළියට භටයන් 11 000 ක් පමණ සහභාගි වීමට නියමිතය. මීට අමතරව යුද්ධ ආම්පන්න, යුද ටැංකි යුද ජෙට් යානා, හෙලිකොප්ටර්, රොකට් ආදිය ද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

දේශීය වශයෙන් නිෂ්පාදනය කර ඇති හයොන්මූ 3 කෲස් මිසයිලය ද එම අවස්ථාවේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත. එම මිසයිල මුලින් ම යුද නෞකාවලට හඳුන්වා දුන්නේ පසුගිය නොවැම්බර් මාසයේයි.

පසුගිය පෙබරවාරි 12 දින උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකර දින දෙකකට පසුව දකණු කොරියා ආරත්ෂක අමාත්‍යංශය, මාධ්‍යවේදින් කැඳවා මේ පිළිබඳ වීඩියෝ දර්ශනයක් ‍විකාශනය කිරිමට කටයුතු කළේය.

කෙසේවෙතත් දකුණු කොරියානු සන්දර්ශනය, යුද්ධය නිම කිරීමේ 60 වන වසර සමරමින් උතුරු කොරියාව පැවැත් වු යුද ශක්තිය පිළිඹීඹු කරන දැවැන්ත සන්දර්ශනයට සම කළ නොහැකි වනු ඇති බවට මත පළ වේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා