මුද්‍රණය සඳහා

 
සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍ය උත්සවය අද

සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍ය උත්සවය අද

හොරණ ප්‍රාදේශීය සභාව මෙහෙයවන 2013 සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍ය මංගල්‍යය අද දවසපුරා මොරගහහේන නගරයේ දී පැවැත්වේ.

රංගන ශිල්පී වික්‍රම සෙනෙවිරත්න, සම්මානලාභී ප්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීර, සාහිත්‍ය දේශනයන් පවත්වති.

නාට්‍යවේදී ජාලිය රාජපක්ෂ නිර්මාණය කළ සොකරි නාට්‍යය ද මෙදින වේදිකා ගත කෙරේ. සහන් රන්වල කලාකරුවාණන්ගේ ‘ගම අවුලඤ්ඤං’ ප්‍රසංගය ද මෙහිදී ඉදිරිපත් කරනු ලැබේ.

දීපව්‍යාප්ත විවෘත සහ පාසල් මට්ටමේ නිර්මාණ තරගාවලියේ ත්‍යාග සහ සහතික ප්‍රදානය ඇමැති නිර්මල කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]