ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

කෘෂි රසායන භාවිතය පිළිබඳ

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

ආසියානු කලාපයේ ඉහළම තැන ඉන්නේ ශ්‍රී ලංකාව

අන් රටවලට වඩා අට ගුණයක් වැඩියි

වකුගඩු රෝගීන් වැඩිවීමටත් හේතුවක්

පිළිකා-දියවැඩියාවටත් බලපානවා

රට පුරාම රෝග පැතිරීමේ අවදානමක්
ආසියානු කලාපයේ වැඩිම හාල් නිෂ්පාදනය කෙරෙන රට මියන්මාරය වන අතර මියන්මාරයේ පොහොර භාවිතය ඒකක 11 කි.

දකුණු ආසියානු කලාපයේ පොහොර භාවිතය මෙසේය.

ශ්‍රී ලංකාව - 284 ඒකක

බංග්ලාදේශය - 164 ඒකක

ඉන්දියාව - 153 ඒකක

මියන්මාරය - 11 ඒකක

භූතානය - 9 ඒකක

කාම්බෝජය - 8 ඒකක

නේපාලය - 7 ඒකක

වල් නාශක භාවිතය

ශ්‍රීලංකාව - 287 ඒකක

චීනය - 88 ඒකක

ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව මෙරට කෘෂි රසායන භාවිතය අට ගුණයකින් ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

අනවශ්‍ය ලෙස කෘෂි රසායන භාවිතය හේතුවෙන් වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව ද ‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පිළිකා, දියවැඩියාව යනාදී රෝග වැඩි වීමට පැහැදිලිවම කෘෂි රසායන භාවිතය හේතු වන බවත් මේ තත්ත්වය යටතේ උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල පමණක් නොව වකුගඩු රෝගය රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා කීය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විද්වතුන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයේ නිලධාරීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් යනාදීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා (06) මෙරට වකුගඩු රෝගීන්ගේ ඉහළ යාම සම්බන්ධයෙන් විද්වත් කතිකාවතක් පැවැත්විණ.

එහිදී මේ කරුණ ඉදිරිපත් කෙරිණ. ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයට මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල් භාවිත කරමින් උතුරු නැඟෙනහිර ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ සැලැස්මක් ද සකස් කිරීමට මෙහිදී එකඟතාව පළ කළ බව වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති ආකාරයට කෘෂි රසායන භාවිතය ඉහළ යාමෙන් වැඩි විය හැකි වකුගඩු රෝගීන් අවම කිරීම සඳහා මූලික ප්‍රතිපත්ති රාමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සකස් කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ ජනතාවගෙන් සියයට 15 ක් වකුග‍ඩු රෝගයෙන් පෙළෙන බවට වාර්තා වී ඇත.

ඒ අනුව රට පුරා වකුගඩු රෝගීන් 25,000 ක් පමණ සිටින බවත් දිනකට රෝගීන් 13 දෙනකු මරණයට පත්වන බවට වාර්තා වී ඇති බවත් වෛද්‍ය පාදෙනිය මහතා පැවැසුවේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා