පුත්තලම පොලිස් අධිකාරි නිල රථයේ ත්‍රිරෝද රිය ගැටී තිදෙනෙක් මරු දකිති

පුත්තලම පොලිස් අධිකාරිවරයාගේ නිල මෝටර් රථයට ඊයේ (15) අලුයම පුත්තලම කොළඹ මාර්ගයේ මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදි වේගයෙන් ආ ත්‍රිරෝද රථයක් ගැටිමෙන්...

විස්තර»


රණබිම විදුහලේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම:

තරග විභාගයේ ප්‍රශ්න පත්‍රය විකුණලා

විභාගය කල් දමයි

ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ හයවන ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා පවත්වන තරග විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවී රුපියල් 20,000ක මුදලකට එම ප්‍රශ්න පත්‍ර පිටත අළෙවිවීම නිසා ඊයේ (15) පැවැත්වීමට නියමිතව තිබූ....

විස්තර»



ග්‍රාමීය ජන ජීවිතයේ ගැටලු විසඳන්න ගම තුළින්ම විසැඳුම් සෙවීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 දෙසැම්බර් 07 වැනිදා බිබිලේ දී





ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

අප්‍රිකාවත් සෙසු කලාප රටවල් සමඟත් පැරැණි මිතුදම් අලුත් කර ගැනීම අපේ විදෙස් පිළිවෙතේ දිශානතියයි

කෙන්යා ජනපති සමඟ සාකච්ඡාවේදී
ජනපති මහින්ද රාජපක්ෂ කියයි

අප්‍රිකාවේ සහ සෙසු කලාපවල රටවල් සමග පැරණි මිතුදම් අලූත් කොට ගැනීම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ නව දිශානතිය වී තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. තමා 2005 දී මුල්වරට ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මේ පිළිවෙත ආරම්භ කළ බවත් ජනාධිපතිතුමා පැවසීය. කෙන්යාවේ සිව් දින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ නයිරෝබි නුවර රාජ්‍ය මන්දිරයේ දී එරට ජනාධිපති උහුරු කෙන්යාටා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට පෙරේදා (14) එක්වෙමිනි.

විස්තර»

ජනවාරියේ සිට 128650කට ගොවි විශ්‍රාම වැටුප්

කෘෂි හා ගොවි ජන රක්ෂණ මණ්ඩල
වැ.බ. සභාපති

2014 අය-වැය යොජනා අනුව ලබන ජනවාරියේ සිට එක් ලක්ෂ විසි අට දහස් හයසිය පණස් නව දෙනකු සඳහා ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම ඇරඹෙන බව කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ වැඩ බලන සභාපති, ඵළදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා මහත්මිය “ දිනමිණ “ ට පැවසුවාය.මේ යටතේ දැනට මේ විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලබා සිටින අනූ දහස් පන්සිය හැත්තෑ තුන් දෙනකුට මෙන්ම ඉන් අනතුරුව හිමිකම් ලැබූ තිස් අට දහස් අසූ හය දෙනෙකු දෙනෙකු සඳහාද කෘෂිකර්ම පණත අනුව ජනවාරි මාසයේ සිට ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප හිමිවෙයි.

විස්තර»

පෝදා ධර්මානුශාසනාව

හෙළ දෙරණම ආලෝකමත් වූ උඳුවප් පොහොය

ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයට අමරණීය නාමයක් එක් කොට නිවන් පුරයට පිවිසෙන විමුක්ති මාර්ගය එළිපෙහෙළි කරමින් ලංකා මෙහෙණි සසුන පිහිටුවා වදාළ ශ්‍රී සංඝමිත්තා මහා රහත් උත්තමාවගේ ශ්‍රී නාමයට සිංහල බෞද්ධයන්ගේත් විශේෂයෙන් හෙළ කාන්තාව කළගුණ දැක්වීම පරමෝදාර ශ්‍රේෂ්ඨ යුතුකමකි.මිහින්තලා කන්දෙන් පැන නැගි ලංකාවේ දස අතට විහිදී ගලා ගිය ශාන්තිනායක අමා මෑණියන් වහන්සේගේ නිර්මල ධර්ම ගංගාව නිසා සියලුම හෙළයෝ බෞද්ධයන් බවට පත්වූහ.

විස්තර»


නැඟෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයුම් මෙන්ම ඉන් පෙර පැවැති සටන්වල දී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී මාතෘභූමිය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ රණවිරුවන් 1,769 දෙනකු සඳහා වීරක්‍රියා පදක්කම් පිරිනැමීම වන්නි ආරක්ෂක සේනා ආඥාපති, උතුරේ අවතැන්වූවන්ගේ නිසි බලධාරී සහ ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ අධිපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අඹේපුස්ස සිංහ රෙජමේන්තු මූලස්ථානයේ දී පැවැති අතර රට වෙනුවෙන් ජීවිතය පූජාකළ වීරෝදාර රණවිරුවකුගේ මවකට එම විරුවා වෙනුවෙන් පදක්කම පිරිනැමූ අයුරු.

වත්තල රාජ්‍ය බැංකුවක නිලධාරිනියක් උකස් කළ රන්බඩුවලට වංචනිකව වරින් වර මුදල් අරන්

රු. එක්කෝටි අසූ ලක්ෂයක් අරන් රටිනුත් පැන ගිහින්

වත්තල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කළ නිලධාරිනියක් වරින්වර එහි රන්බඩුවලට වංචාසහගත ලෙස මුදල් ලබාගෙන රුපියල් එක්කෝටි අසූලක්ෂයක පමණ මුදලක් වංචා කර මෙරටින් පලා ගොස් තිබේ.  මේ නිලධාරිනිය එම මුදල් වංචාව සිදුකර ඇත්තේ බැංකුවට රන්භාණ්ඩ උකස් තැබීමට එන පුද්ගලයන්ගේ රන් බඩුවලට වෙනමම තක්සේරුවක් කර ඒ හරහා ව්‍යාජ හැදුනුම්පත් අංක සහ ලිපිනයන් යොදා බැංකුවෙන්ම ඒ සඳහා මුදල් ලබා ගැනීමෙන් බව පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

විස්තර»

මත්කුඩු ජාවාරමට මගේ නම යොදාගෙන කරන ප්‍රචාරවලට රැවටෙන්න එපා

අගමැති ජනතාවගෙන් ඉල්ලයි

මත්කුඩු ජාවාරමට තම නම ඈඳා ගනිමින් සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි අගමැති, ආචාර්ය දී. මු. ජයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. වැරදි සිදුකර ඇති පුද්ගලයන් එම වැරදි වසා ගැනීමට වෙනත් අය මත එම වැරදි පැටවීමේ උත්සාහයක නිරත වන බව හෙතෙම කීවේය.

විස්තර»

ජනාධිපති මහින්ද රාජපක්ෂ
කෙන්යා ජනපති හමුවී....


කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එරට ජනාධිපති ඌරු කෙන්යාටා මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පෙරේදා (14) පැවැත්විණි. කෙන්යාවේ නයිරෝබි නුවර රාජ්‍ය මන්දිරයේ දී රාජ්‍ය නායක දෙපළ මුණ ගැසුණු අවස්ථාව.
ඡායාරූපය - සුදත් සිල්වා

 



 


 

අල්ලසට ගොදුරු වී ප්‍රශ්න පත්තර මිටී
කළු කඩේ විකිණිලා - ඔන්න ඔහොමයි හැටී
රාජකීයන් වෙලත් ගැලවිලා ඇත පටී
මහනුවර පොලිසියට තෑගි දෙන්නට වටී