මුද්‍රණය සඳහා

 
මාතලේ දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් අටක්

මාතලේ දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් අටක්

මේ වනවිට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගය වැළදුනු රෝගින් අට දෙනෙකු හමුවි ඇති අතර එයින් එක් අයෙකු පසුගිය වසරේදි මියගිය බව මාතලේ දිස්ත්‍රික් ලිංගාශ්‍රිතරෝග නිවාරණ අංශය පවසයි.

මේ රෝගීන් අතර මේ වසර තුළදි හඳුනාගත් අඹු සැමි යුවළක් ද සිටින බවද අණාවරණය වෙයි. කෙසේවෙතත් මේ වනවිට පාසැල් මටිටමේ සිට ළමයින් ඒඩිස් රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරිමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත.

එම සෞඛ්‍ය නිලධාරින් පවසන්නේ දැනට ලංකාවේ එචි.අයි.වි. වෛරසය වැළදුන රෝගින් 1808 දෙනෙකු හඳුනාගන ඇති අතර එයින් 307 දෙනෙකු මිය ගොස් ඇතිබවය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]